13
පුනර්ජනනීය බලශක්තිය රට තුළ ඉහළ නැංවීමට පියවර ගත යුතු බව ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මඩකලපු දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්‍යයන් රාසමාණික්ක්ම් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (03) පැවසීය.
අය වැය තෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
මන්ත්‍රීවරයා මෙසේද පැවැසුවේය.
සුළං බල ව්‍යාපෘති මේ ආණ්ඩුව යටතේ මේ වන විට නතර කර තිබෙනවා. අදානි ව්‍යාපෘතියත් නැවතී තිබෙන්නේ එහෙමයි. අදානි ව්‍යාපෘතිය නැවතීමෙන් විශාල පාඩුවක් අපට වෙනවා. 2030 වසර වන විට පුනර්ජනනීය බලශක්තිය වැඩිපුර එකතු කර ගත යුතුයි. තර්මල්වලට අපිට යන්න වෙනවා. එහිදී විශාල වංචා දූෂණ සිදු වෙනවා. දැනටත් එවැනි වංචා දූෂණ සිදු වෙනවාද කියලා මම අහන්න කැමතියි.
මූල්‍ය වංචා කළ අය මේ සභාව තුළ සිටින විට ආණ්ඩුව හරහා තවදුරටත් වංචා දූෂණ සිදුවෙනවාද කියලා අපට හිතෙනවා. විදුලි බිල අඩු කිරීමට නම් සෝලා පැනල්, සුළං විදුලිබල නිෂ්පාදනය වැඩි කළ යුතුයි. එහෙම නැතිව කයිවාරු ගැහුවාට වැඩක් නැහැ.