Home Sport News Room : 19න් පහළ පළමු කොටස ටියර් ‘බී’ සම ශූරයෝ තර්ස්ටන්-ගාල්ල...

News Room : 19න් පහළ පළමු කොටස ටියර් ‘බී’ සම ශූරයෝ තර්ස්ටන්-ගාල්ල මහින්ද

0
0

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහය ඇතිව සංවිධාන කළ අවුරුදු 19න් පහළ පළමු කොටස ටියර් ‘බී’ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වීමෙන් කොළඹ තර්ස්ටන් සහ ගාල්ල මහින්ද විදුහල්වලට සම ශූරතා පිරිනැමිණි.

සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති මේ තරගයේ පළමු දිනයේදී තර්ස්ටන් විදුහල පළමුව පන්දුවට පහර දෙමින් ඕවර 87කදී කඩුලු 5කට ලකුණු 274ක් රැස් කළ අතර, වර්ෂාව හේතුවෙන් දෙවැනි දිනය ක්‍රීඩා කිරීමට නොහැකි විය. තෙවැනි දිනයේදී ද වර්ෂාව හේතුවෙන් ඕවර 45ක් යැවීමට නොහැකි විය. අවසන් තරගයේ පළමුව පන්දුවට පහර දුන් තර්ස්ටන් පිල කඩුලු 6කට ලකුණු 311ක් රැස් කර සිටියදී තම ඉනිම අත්හිටුවූ අතර, තරගය නතර කරන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන මහින්ද විදුහල ඕවර 33කදී කඩුලු 3ක් දැවී ලකුණු 56ක් රැස් කර ගෙන සිටියේය.

මේ කණ්ඩායම් දෙක ලබන තරගවාරයේ සිට අවුරුදු 19න් පහළ පළමු පෙළ ‘ඒ’ තරගාවලියට උසස්වීම් ලැබීය.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ වැඩබලන සභාපති තිලක් වත්තුහේවා, තර්ස්ටන් විද්‍යාලයේ විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ, ගාල්ල මහින්ද විද්‍යාලයේ ක්‍රිකට් භාර ආචාර්ය නිශාන්ත කුමාර සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ ලේකම් ලීලානන්ද කුමාරසිරි මහත්වරු ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වූහ.

ඉෂානි යද්දෙහි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here