Home World News Room : උත්තර්කාන්ඩ් වැඩබිමක සේවකයෝ 8ක් මරුට

News Room : උත්තර්කාන්ඩ් වැඩබිමක සේවකයෝ 8ක් මරුට

0
0

උතුරු ඉන්දියාවේ උත්තර්කාන්ඩ් ප්‍රාන්තය ආසන්නයේ හිමාල කඳුවැටියේ සිදුවූ අයිස් කඳු කඩා වැටීමකින් ඒ අසල පිහිටි ඉදිකිරිම් වැඩබිමක සේවකයක් 8 දෙනකු හිම සහ අයිස් කුට්ටිවලට යට වී ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම අනතුරට ලක්වී ඇත්තේ උත්තර්කාන්ඩ් ප්‍රාන්තයේ මානා ගම්මානයේ පිහිටි අධිවේගී මාර්ගය ඉදි කිරීමේ වැඩබිමක් බවත්, පසුගිය සිකුරාදා සිදුවූ එම ගිරිහිම නිපාතයෙන් සේවකයන් 54 දෙනකු සිටි ඉදි කිරිම් වැඩබිම මුළුමනින්ම හිම සහ අයිස් කුට්ටිවලින් යටවූ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. ආපදා කළමනාකරණ කණ්ඩායම් පැය 60ක දුෂ්කර මෙහෙයුමකින් පසු හිම සහ අයිස් මත යට වී සිටි තවත් සේවකයන් 46 දෙනකු මුදා ගැනීමට සමත්වූ බව ද වාර්තා වේ. ගිරිහිම නිපාතය සිදුවන විට එම සේවකයන් වැඩබිමේ තාවකාලික නිවාසය ලෙස සකස් කර තිබූ කන්ටේනරයක සිටි බැවින් ජීවිත බේරා ගැනීමට සමත්වී ඇති අතර, ආපදා කළමනාකරණ කණ්ඩායම් පැමිණ හිම සහ අයිස් කුට්ටි ඉවත් කර ඔවුන් මුදාගන්නා තුරු දින දෙකක් පුරා ඔවුන්ට ජීවිත රැක ගැනීමට අවශ්‍ය ප්‍රමාණයෙන් කන්ටේනරය තුළ ඔක්සිජන් තිබූ බව ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here