28
ග්‍රාම නිලධාරී පුරප්පාඩු 1881ක් මේ වර්ෂයේ දෙසැම්බර් 31 වැනිදා වන විට පිරවීමට සැලසුම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (04) පැවසීය.
ඒ සඳහා වන විභාගය පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සමඟ මේ වන විට කටයුතු කරන බව ද ඇමැතිවරයා පැවසුවේය. අය-වැය තෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය. ග්‍රාමීය පරිපාලනය ශක්තිමත් කිරීමට ග්‍රාමසේවා පුරප්පාඩු පුරවාලීම සිදු කරනවා. ගමේ සියලු කටයුතු සඳහා මැදිහත් වන ග්‍රාම නිලධාරින්ගේ රුපියල් 3000 පුහුණු දීමනාව මේ වසරේ සිට රුපියල් 17,800 දක්වා වැඩි කරනවා. ග්‍රාම නිලධාරී නිල ඇඳුම් දීමනාව රුපියල් 5000 වූ එය තුන් ගුණයකින් වැඩි කර රුපියල් 15,000ක් කර තිබෙනවා. කාර්යාල දීමනාව සියයට 100 කින් වැඩි කර තිබෙනවා. එය රුපියල් 1500 යි. එය 3000 දක්වා වැඩි කළා. ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථා සංග්‍රහය නැවත සලකා බලා සංශෝධන කර 2025 ජූනි 01 වැනිදා සිට ක්‍රියාවට නැංවීමට පියවර ගන්නවා.