32
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ තුන්වැනි සැසිවාරය අද(5) පෙරවරු 9ට බෙයිජිං හි මහජන මහා ශාලාවේ දී ආරම්භ විය.
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහා ලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කමිටු සභාපති ෂී ජින්පිං මහතා ඇතුළු රාජ්‍ය හා පක්ෂ නායකයෝ එම අවස්ථාවට එක් වූහ. සමාරම්භක රැස්වීමේදී චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කළේය.
ගෙවී ගිය වසර තුළ අසීරු දෙස් විදෙස් තත්ත්වය හමුවේ ෂී ජින්පිං මහතා කේන්ද්‍ර කර ගත් චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රධානත්වය යටතේ චීන ජනතාව අසීරුතා අභිබවා ආර්ථිකය යහපත් ලෙස වර්ධනය කිරීමට සමත්ව තිබේ. 2024 වසරේ ආර්ථික හා සමාජීය සංවර්ධන ප්‍රධාන ඉලක්ක සම්පූර්ණ කර ඇති අතර අධි ගුණාත්මක භාවයෙන් යුතු සංවර්ධනය හා නව ගුණාත්මක ඵලදායිතාව ස්ථීර ලෙස වර්ධනය වී තිබේ. ආර්ථික, විද්‍යා හා තාක්ෂණ යනාදී ක්ෂේත්‍ර අඛණ්ඩව සංවර්ධනය වීමත් සමග චීන මාදිලියේ නවීකරණය නව දැවැන්ත ප්‍රගතියක් ලබා ගෙන තිබේ.
රාජ්‍ය කාර්ය වාර්තාව අනුව, 2024 වසරේ චීනයේ ආර්ථික ධාරිතාව ස්ථාවර ව ව්‍යාප්ත විය. දළ දේශීය නිෂ්පාදිත වටිනාකම යුවාන් ට්‍රිලියන 134.9 දක්වා වැඩි වූ අතර වර්ධන අනුපාතය සියයට 5කි. එම අනුපාතය ලොව ප්‍රධාන ආර්ථිකයන් අතරින් ප්‍රමුඛ ස්ථානයක පසු වේ. චීන ආර්ථික වර්ධනය ගෝලීය ආර්ථික වර්ධනයට දායක වන සියයට 30ක පමණ අනුපාතය අඛණ්ඩව පවත්වා ගෙන යාමට හැකිව තිබේ.
රටේ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය නව ජයග්‍රහණ අත්පත් කර ගෙන ඇත. චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ දෙවන සහ තුන්වන පූර්ණ සැසිවාරයන් හි ප්‍රතිසංස්කරණ විධිවිධාන ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම මගින්, රටේ ආයතනික ප්‍රතිසංස්කරණ සම්පූර්ණ වී ඇත. එමෙන්ම, ඒකාබද්ධ ජාතික වෙළඳපොළක් ගොඩනැගීම, ව්‍යවස්ථාපිත විශ්‍රාම යාමේ වයස ක්‍රමයෙන් ප්‍රමාද කිරීම ඇතුළු ප්‍රධාන ප්‍රතිසංස්කරණ පියවර හඳුන්වා දී ඇත. ඊට අමතරව, නිෂ්පාදන කර්මාන්තයේ විදේශ ආයෝජන ප්‍රවේශය සඳහා ඇති සියලුම සීමාවන් ඉවත් කර තිබේ. “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ ඒකාබද්ධව ගොඩනැගීමේ දී වෙළෙඳ ආයෝජන සහයෝගීතා වඩා පුළුල් වී ඇති අතර අඛණ්ඩව වැඩිදියුණු වෙමින් පවතී.
2025 වසරේ චීනයේ දළ දේශීය නිෂ්පාදිතයේ 5% ක වර්ධනයක් අපේක්ෂා කරන බව රාජ්‍ය කාර්ය වාර්තාව සඳහන් කරයි. එමෙන්ම නාගරික ප්‍රදේශයේ සමීක්ෂණයට ලක් විරැකියා අනුපාතය 5.5% ක මට්ටමේ පවත්වා ගැනීම, නව නාගරික රැකියා අවස්ථා මිලියන 12කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කිරීමට අපේක්ෂිත බව ද එහි සඳහන් වේ.