Home Politics News Room : පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය කෝ

News Room : පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය කෝ

0
0

පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත් කරන ලෙස කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04) ප්‍රකාශ කළේය.

පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා කැඳවන දින සහ සභාවන් රැස්වන දින ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත්කළද මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කර නැතැයිද අබේගුණවර්ධන මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේ 2025 වසර සඳහා වන අය-වැය කාරක සභා අවස්ථාවේ විවාදය හෙවත් තෙවැනි වර කියැවීමේ විවාදයට සහභාගී වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මෙසේද පැවැසීය.

පසුගිය වකවානුවල සිදුවූ සිදුවීම් සමඟ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට තීරණය කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට ස්තූතිය පිරිනමනවා. විෂය භාර ඇමැතිවරයා කිව්වා, පළාත් පාලන මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පවත්වන බවට. මැතිවරණ කොමිසම නාම යෝජනාවලට දින දී මාර්තු 17 සිට 20 දක්වා දී තිබෙනවා. නමුත් ඔබතුමාගේ අමාත්‍යාංශය විසින් ජුනි 02 සභා රැස්වීමට දින දී තිබෙනවා. නමුත් මැද නැහැ. මැද කෝ. මැතිවරණය පවත්වන දිනය කෝ. සාමාන්‍යයෙන් වෙනදා කරන්නේ නාම යෝජනා කැඳවන දිනය වගේම මැතිවරණය පවත්වන දිනයත් ගැසට් කරනවා. එතකොට අපි දන්නවා, මැතිවරණය පවත්වන දිනය ගැන කියනවලු නාමයෝජනා භාරගන්නා අවසන් දිනයේදී. ඕක හංගන් ඉන්න ඕන එකක්ද? ජනතාවට සැක ඇති වෙනවනේ. මැතිවරණය පවත්වන දිනය ගැන ප්‍රකාශයට පත් කරන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here