24
මෑත ඉතිහාසයේ වැඩිම, අවම වැටුප් වැඩිවීම ලබා දුන්නේ ජාතික ජන බලවේග රජය විසින් බවත්, වෘත්තීය සමිති බහුතරයක් නියෝජනය කරන ආණ්ඩුවක් විසින් රටේ වැඩකරන ජනතාවට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04) ප්‍රකාශ කළේය.
රජයේ රැකියාවලට 30,000ක් බඳවා ගැනීමට මෙවර අයවැයෙන් රුපියල් මිලියන 10,000ක් වෙන් කර ඇතැයි ද අමාත්‍යවරයා කීය. පෞද්ගලික අංශයේ සේවකයන්ට තිබූ රුපියල් 17,500ක අවම වැටුප එළඹෙන අප්‍රේල් මාසයේ සිට රුපියල් 27,000ක් වන බවත් , ලබන ජනවාරි මාසයේ ලබා දෙන රුපියල් තුන්දහස සමඟ එය රුපියල් 30,000 දක්වා ඉහළ යන බවත් කීය. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් වෙළෙඳ අමාත්‍යවරයා මේ බව පැවසීය.
එමෙන්ම වතු ක්ෂේත්‍රයට රුපියල් 1350ක අවම වැටුපක් ඇති බවත්, ඔවුන්ට සහන ලබා දීම සම්බන්ධයෙන්ද වතු ක්ෂේත්‍රය සමඟ සාකච්ඡා සිදු කරමින් සිටින බවද අමාත්‍යවරයා කීය. මෙතෙක් රාජ්‍ය සේවයේ තිබූ වැටුප් වැඩිවීමේ ගැටලුව රජය හඳුනාගෙන ඇති බවත් ඒ අනුව කටයුතු කරන බවද කීය.