Home Sport News Room : අයි­පී­එල් තර­ග­ව­ලදී පෙම්ව­ති­යන්ට ක්‍රීඩක විවේ­කා­ගා­රය තහ­නම්

News Room : අයි­පී­එල් තර­ග­ව­ලදී පෙම්ව­ති­යන්ට ක්‍රීඩක විවේ­කා­ගා­රය තහ­නම්

0
0

මෙවර ඉන්දීය ප්‍රිමි­යර් ලීග් ක්‍රිකට් තර­ගා­ව­ලි­යේදී ක්‍රීඩ­ක­යන්ට අයත් ඇඳුම් පැල­ඳුම් කාම­ර­යට ඇතු­ළු­වීම බිරි­න්දෑ­ව­රුන්ට හා පෙම්ව­ති­යන්ට සම්පූ­ර්ණ­යෙන්ම තහ­නම් බව ඊයේ නිකුත් කළ නව­තම නීති මාලා­වක දැක්වේ.

එම නීති රීති අනුව තරග පැවැ­ත්වෙන දින­ව­ලදී හා පුහු­ණු­වීම් දින­ව­ලදී ඇඳුම් පැල­ඳුම් කාම­ර­යට සහ පිටි­යට ඇතු­ළු­වී­මට අව­සර දෙනු ලබන්නේ බල­ය­ලත් පුද්ග­ල­යන්ට පමණි. ක්‍රීඩ­ක­යන් කණ්ඩා­යමේ බස් රථයේ පම­ණක් ගමන් කළ යුතු­ වන අතර, පවුලේ සාමා­ජි­ක­යන්ට හෝ මිතු­රන්ට යාමට වෙනත් වාහ­න­යක් ඔවුන් විසින් භාවිත කළ යුතු වේ. අවශ්‍ය නම් ඔවුන්ට සත්කා­ර­ක­ත්වය හිමි කණ්ඩා­යමේ ක්‍රීඩා­ගා­රයේ සිට පිටියේ පුහු­ණු­වීම් නැර­ඹිය හැකි වේ.

කණ්ඩා­ය­ම්වල සියලු කාර්ය මණ්ඩ­ලය අයි­පී­එල් තර­ගා­වලි හැඳු­නු­ම්පත පැලඳ සිටිය යුතු අතර, යමෙකු වැරැ­ද්දක් කළ­හොත්, පළමු වරට ඔවුන්ට අන­තුරු අඟ­වනු ලබන අතර, දෙවැනි වර­ටත් වර­දක් කළ­හොත් කණ්ඩා­ය­මට දඩ නියම කරනු ලැබේ. තර­ග­යක් අව­සා­නයේ පැවැ­ත්වෙන ත්‍යාග ප්‍රදා­නෝ­ත්ස­ව­යේදී සෙරෙප්පු සහ කොට අත් සහිත ජර්සි පැල­ඳී­මට අව­සර නැත. පළමුවරට මෙයට අනු­කූල වීමට අපො­හො­සත් වුව­හොත් අන­තුරු ඇඟ­වී­ම­කට සහ දෙවැනි වරට මූල්‍ය­මය දඩ­ය­කට යටත් කෙරේ.

නව­සී­ල­න්තය සහ ඔස්ට්‍රේ­ලි­යාව හමුවේ අඛ­ණ්ඩව ටෙස්ට් තර­ගා­වලි දෙකක් පරා­ජ­යට පත්වී­මෙන් පසු ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩ­ලය ක්‍රීඩ­ක­යන් සඳහා නීති මාලා­වක් නිකුත් කළ අතර, ඒ හා සමාන නීති සමු­දා­යක් අයි­පී­එල් තර­ගා­ව­ලි­යට ද නිකුත් කොට ඇත.

 

ප්රින්ස් ගුණ­සේ­කර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here