11
චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේදී ඉන්දියාව හමුවේ පරාජය වූ ඔස්ට්‍රේලියානු නායක ස්ටීව් ස්මිත් එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කරයි. ඔහු තම අවසන් එක්දින තරගයේදී ඉන්දියාවට එරෙහිව ලකුණු 73ක් ලබා අර්ධ ශතකයක් ද රැස් කළේය. කෙසේ වෙතත්, ඔහුට කණ්ඩායම අවසන් මහා තරගය දක්වා ගෙන යාමට නොහැකිවීම සිත් තැවුලට හේතු විය. කෙසේ වෙතත්, ඔහු ටෙස්ට් සහ විස්සයි20 තරග සඳහා දිගටම ක්‍රීඩා කරන බව දැනුම්දී තිබේ.
ඉන්දියාවට එරෙහි තරගය ඔහුගේ එක්දින තරග දිවියේ 170 වැනි තරගය වූ අතර, එම ගමන් මඟේදී ශතක 12ක් සහ අර්ධ ශතක 35ක් රැස් කළේය. 35 හැවිරිදි ඔහු එළැඹෙන 2027 එක්දින ලෝක කුසලානයේදී දක්නට නොමැති අතර, නවක ක්‍රීඩකයන්ට අවස්ථාවක් ලබා දිය යුතු බව පවසා ඇත.
“දැන් 2027 ලෝක කුසලානයට සූදානම්වීමට කාලයයි. මේක තමයි අයින් වෙන්න නියම වෙලාව. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කළ කාලයේ අපූරු මතකයන් තියෙනවා. ලෝක කුසලාන දෙකක් ජයග්‍රහණය කළ කණ්ඩායමේ සාමාජිකයෙක් වීම මට විශේෂයි” ස්ටීව් ස්මිත් පැවසීය.
ප්රින්ස් ගුණසේකර