Home World News Room : ගාසා ප්‍රති­සං­ස්ක­ර­ණ­යට අරාබි රට­ව­ලින් ඩොලර් බිලි­යන 53ක සැල­සු­මක්

News Room : ගාසා ප්‍රති­සං­ස්ක­ර­ණ­යට අරාබි රට­ව­ලින් ඩොලර් බිලි­යන 53ක සැල­සු­මක්

0
0

මිලි­යන දෙක­කට අධික පල­ස්තී­නු­වන් ඉවත් කර ගාසා තීරය අත්පත් කර­ගැ­නීමේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සැල­සු­මට එරෙ­හිව අරාබි රට­වල් විසින් ගාසා තීර­යට ඩොලර් බිලි­යන 53ක විකල්ප ප්‍රති­සං­ස්ක­රණ සැල­සු­මක් අනු­මත කරනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසු­ගි­යදා ඊජි­ප්තුවේ කයිරෝ නුවර පැවති අරාබි රාජ්‍ය නාය­ක­යන්ගේ හදිසි සාක­ච්ඡා­වේදී එම සැල­සුම අනු­මත කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. ඊජි­ප්තු­වේදි ගනු ලැබුවේ සමස්ත අරාබි දේශ­යේම සැල­සු­මක් බව අරාබි ලීගයේ ලේකම් අහ­මඩ් අබෝල් නිවේ­ද­නය කර ඇතැයි ද වාර්තා වේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සැල­සුම පිළි­බඳ සඳ­හන් කිරී­ම­කින් තොරව ඔහු ප්‍රකාශ කර ඇත්තේ ස්වේච්ඡා­වෙන් හෝ බල­හ­ත්කා­ර­යෙන් හෝ ගාසා තීර­යෙන් පල­ස්තී­නු­වන් ඉවත් කිරිම අරාබි ලීගය තර­යේම ප්‍රති­ක්ෂේප කරන බවය.

අරාබි රට­වල් විසින් අනු­මත කරනු ලැබූ ගාසා තීරයේ ප්‍රති­සං­ස්ක­රණ සැල­සු­මට අනුව එම කට­යුතු අදි­යර තුන­කින් ක්‍රියා­ත්මක වන බවත්, ගාසා තීරය නැවත ගොඩ නැඟීම සඳහා වසර ගණ­නා­වක් ගත­වනු ඇති බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි. ගාසා තීරයේ නිවාස හා ගොඩ­නැ­ඟි­ලි­ව­ලින් 90% ක පමණ ප්‍රමා­ණ­යක් අර්ධ වශ­යෙන් හෝ මුළු­ම­නින්ම විනාශ වී ඇතැයි එක්සත් ජාතීන්ගේ වාර්තා­ව­කින් අනා­ව­ර­ණය වී තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here