පාකිස්තානයේ පවතින ගෑස් හිඟය හේතුවෙන් මෙවර රමලාන් මාසයේ පළමු දිනයේ උපවාසය සඳහා අලුයම් කාලයේ ආහාර පිසීමට නොහැකිවූ දහස් සංඛ්‍යාත ඉස්ලාම් බැතිමතුන්ට නිරාහාරව උපවාසය ආරම්භ කිරීමට සිදුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය 2 වැනිදා ආරම්භ වූ රමලාන් උපවාසයේ පළමු දිනයේදී කරච්චි සහ රාවල්පිණ්ඩි නගරවල පළාත් රැසක ඉස්ලාම් බැතිමතුන්ට එම තත්ත්වයට මුහුණ දීමට සිදුවූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. රමලාන් උපවාස සමයේදී හිඟයකින් තොරව අඛණ්ඩව ගෑස් සපයන බවට එරට ප්‍රධානතම ගෑස් සැපයුම්කරුවන් නිවේදනය කළද, උපවාසය ආරම්භ කරන අලුයම් කාලයේදී සහ එය අවසන් කරන පස්වරුවේදි දැඩි ගෑස් හිඟයකින් ජනතාව පීඩාවට පත්වූ බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මේ අතර රමලාන් උපවාස සමයේ ජනතාව මුහුණ දුන් මේ ගෑස් හිඟය සම්බන්ධව එරට අගමැති ශෙබාස් ෂරීෆ්ගේ දැඩි අවධානය යොමුවී ඇතැයි ද, කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව ගෑස් සැපයීමට කඩිනම් පියවර ගෙන ඇතැයි ද පාකිස්තානයේ සමා ටීවී පුවත් සේවය වාර්තා කළේය.
The post පාකිස්තානයේ ගෑස් හිඟයකින් රමලාන් උපවාසයටත් බාධා appeared first on දිනමිණ.