Home Sport News Room : රාජ­කීය-සා. තෝමස් නිල් මහා සටන අද සිට එස්එස්සී පිටි­යේදී

News Room : රාජ­කීය-සා. තෝමස් නිල් මහා සටන අද සිට එස්එස්සී පිටි­යේදී

0
0

සාන්ත තෝමස් ක්‍රිකට් කණ්ඩා­යම

කොළඹ රාජ­කීය – ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාල අතර මහා­මාන්‍ය ඩී. එස්. සේනා­නා­යක අනු­ස්ම­රණ කුස­ලා­නය වෙනු­වෙන් පැවැ­ත්වෙන 146 වැනි ‘නිල් මහා සටන’ වාර්ෂික ක්‍රිකට් තර­ගය අද සිට දින තුනක් කොළඹ එස්එස්සී පිටි­යේදී පැවැත්වේ. 1879 වසරේ ඇරඹි මේ තර­ගය ලෝක ඉති­හා­සයේ පැර­ණි­තම වාර්ෂික මහා ක්‍රිකට් තරග අතු­රින්, ඔස්ට්‍රේ­ලි­යාවේ, ඇඩි­ලේඩ්හි සාන්ත පීතර හා ඇල්ෆ්‍රඩ් කුමර විද්‍යා­ලය අතර මහා තර­ග­යට පම­ණක් දෙවැනි වේ.

ඉති­හා­සය පුරා ශ්‍රී ලංකා ක්‍රිකට් පිල නියෝ­ජ­නය කළ රාජ­කී­යන් අතරේ රංජන් මඩු­ගල්ල, අසන්තා ද මෙල්, ජෙහාන් මුබා­රක්, කිත්රු­වන් විතා­නගේ, කුසල් ජනිත් පෙරේරා, භානුක රාජ­පක්ෂ, ලසිත් ඇඹු­ල්දෙ­ණිය සහ චාමික කරු­ණා­රත්න වැනි ක්‍රීඩ­ක­යන් ද සාන්ත තෝමස් විදු­හ‍ලෙන් මයි­කල් තිසේරා, අනුර තෙන්න­කෝන්, දුලිප් මෙන්ඩිස්, ගයි ද අල්විස්, සාලිය අහං­ගම, කෞෂික් අම­ලීන්, කපිල විජේ­ගු­ණ­ව­ර්ධන, ජීවන් මෙන්ඩිස් සහ කෞෂාල් සිල්වා වැනි ක්‍රීඩ­ක­යන් ක්‍රිකට් ක්‍රීඩා­වට විශාල මෙහෙ­ව­රක් කළහ.

නිද­හස් ශ්‍රී ලංකාවේ පළමු අග­මැති ඩී.එස්. සේනා­නා­යක හා හිටපු අග­මැති ඩඩ්ලි සේනා­නා­යක යන මහ­ත්ව­රුන් සාන්ත තෝමස් විද්‍යා­ලය නියෝ­ජ­නය කර­මින් නිල් මහා සට­නට පිවිසි අතර, ශ්‍රී ලංකාවේ පළමු විධා­යක ජනා­ධි­පති ජේ.ආර්. ජය­ව­ර්ධන, හිටපු අග­මැති ශ්‍රීමත් ජෝන් කොත­ලා­වල හා හිටපු කථා­නා­යක ශ්‍රීමත් ෆොරෙ­ස්ටර් ඔබේ­සේ­කර යන මහ­ත්ව­රුන් රාජ­කීය විද්‍යා­ලය නියෝ­ජ­නය කර­මින් ක්‍රීඩා කළහ.

මේ දක්වා පැවති මහා තරග අතු­රින් රාජ­කීය විද්‍යා­ලය 36ක් සහ සාන්ත තෝමස් විද්‍යා­ලය 35ක් ජය­ග්‍ර­හණ වාර්තා කර ඇති අතර, අනෙක් තරග විස­ඳු­ම­කින් තොරව නිමා විය. අව­සන් වරට 2023දී දසිස් මංච­නා­ය­කගේ නාය­ක­ත්ව­යෙන් යුත් රාජ­කීය විද්‍යා­ල­යීය කණ්ඩා­යම ජය­ග්‍ර­හ­ණය වාර්තා කළ අතර, සාන්ත තෝමස් විද්‍යා­ලය අව­සන් වරට ජය­ග්‍ර­හ­ණ­යක් ලබා ඇත්තේ 2018 වස­රේදී සිතාර හපු­හි­න්නගේ නාය­ක­ත්වය යට­තේය.

මෙවර රාජ­කීය ක්‍රිකට් පිලට ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රීඩක රමිරු පෙරේරා නාය­ක­ත්වය ලබා­දෙන අතර, සාන්ත තෝමස් පිලට වර්ණ­ලාභී කවිඳු ඩයස් නාය­ක­ත්වය දෙයි.

රාජ­කීය පිලේ නායක රමිරු පෙරේරා මෙවර තරග 10කදී ඉනිම් 16කට ක්‍රීඩා කොට ශතක 3ක් සහ අර්ධ ශතක 2ක් සමඟ ලකුණු 636ක් ලබා­ගත් අතර, කඩුලු 28ක් ලබා පන්දු­වෙන් දස්කම් දැක්වීය. විමත් දින්සර තරග 10කදී ඉනිම 16ක් තුළ ශතක 3ක් සහ අර්ධ ශතක 4ක් සමඟ ලකුණු 729ක් ලබා­ගත් අතර, උප නායක රෙහාන් පීරිස් තරග 11කදී ඉනිම 17ක් තුළ ශත­ක­යක් සහ අර්ධ ශතක 5ක් සමඟ ලකුණු 683ක් ලබා ඇත. පන්දු යැවී­මේදී සන්ඳුල් අබේ­ව­ර්ධන කඩුලු 23ක්, රනුක මල­වි­ආ­රච්චි කඩුලු 17ක් ද, යෙනුල බණ්ඩාර සහ රයන් සුග­ත­දාස කඩුලු 14ක් බැගින් සහ ළාබාල ක්‍රීඩක සෙහඳු සූරි­යා­රච්චි තරග 3කදී කඩුලු 13ක් ලබා රාජ­කීය පිල වෙනු­වෙන් දක්ෂතා දැක්වූහ.

රාජ­කීය පිලේ ප්‍රධාන පුහු­ණු­කරු ලෙස ගාමිණි පෙරේරා, සහාය පුහු­ණු­කරු චරිත් ප්‍රනාන්දු, ක්‍රිකට් භාර අචාර්ය අනුර ප්‍රශාන්ත හාදත්ත සට­හ­න්කරු ලෙස හේමන්ත ආරි­ය­වි­ක්‍රම යන මහ­ත්වරු කට­යුතු කරති.

සාන්ත තෝමස් පිලේ නායක කවිඳු ඩයස් තරග 13ක දී අර්ධ ශත­ක­යක් සමඟ ලකුණු 220ක් ලබා­ගත් අතර පන්දු යැවී­මෙන් කඩුලු 27ක් දවා ඇත. දිනෙත් ගුණ­ව­ර්ධන තරග 13කදී ඉනිම 18කට මුහු­ණදී ශතක 2ක් සහ අර්ධ ශතක 3ක් සමඟ ලකුණු 757ක් ලබා­ගත් අතර, අවි­නාශ් ප්‍රනාන්දු තරග 13කදී ඉනිම 18කට මුහුණ දෙමින් ශතක 2ක් හා අර්ධ ශතක 3ක් සමඟ ලකුණු 461ක් ලබා ඇත.

වම­තින් පා දඟ පන්දු යවන ආරොන් ද සිල්වා තරග 13කදී කඩුලු 49ක් ලබා ගැනී­මට සමත්වූ අතර, අභීත් පර­ණ­වි­දාන කඩුලු 39ක් හා දිනෙත් ගුණ­ව­ර්ධන කඩුලු 21ක් ලබා මෙවර තර­ග­වා­රයේ දස්කම් දක්වා ඇත.

සාන්ත තෝමස් ක්‍රිකට් ප්‍රධාන පුහු­ණු­කරු නිලංක පීරිස්, සහාය පුහු­ණු­කරු තරංග ලිය­න­ප­ති­රණ, ක්‍රික­ට්භාර ආචාර්ය කපිල ද සිල්වා හා දත්ත සට­හ­න්කරු ලෙස තුෂාර කුරේ යන මහ­ත්වරු කට­යුතු කරති.

දෙවි­දු­හල් අතර 48 වැනි එක්දින ක්‍රිකට් තර­ගය මාර්තු 15දා කොළඹ එස්එස්සී පිටි­යේදී පැවැ­ත්වී­මට නිය­මි­තය.

රාජ­කීය ක්‍රිකට් කණ්ඩා­යම: රමිරු පෙරේරා (නායක), රෙහාන් පීරිස් (උප නායක), රනුක මල­වි­ආ­රච්චි, ඉසුල ගීග­නගේ (කඩුලු රකින්නා), යසිදු දිසා­නා­යක, අනුෂ් පොලො­නෝ­විට, තෙවිඳු වේවැ­ල්වල, හිරුන් ලිය­නා­රච්චි, රයන් සුග­ත­දාස, විමත් දින්සර, කුචිල රන්ම­ණ්ඩල, සෙහඳු සූරි­ය­ආ­රච්චි, සන්ඳුල් අබේ­ව­ර්ධන, ෂේන් අබේ­රත්න, කාලිඩ් රහි­ම්ඩීන්, යෙනුල බණ්ඩාර, චනිතු කංකා­නම්ගේ, ශේන් විජේ­රත්න, තරුල් අම්පෙ­මො­හොට්ටි, දුශේන් උඩු­වෙල.

සාන්ත තෝමස් ක්‍රිකට් කණ්ඩා­යම: කවිඳු ඩයස් (නායක), සදෙව් සොයිසා, දිනෙත් ගුණ­ව­ර්ධන, අවි­නාශ් ප්‍රනාන්දු (කඩුලු රකින්නා), මිතිල චාල්ස්, ජඩේන් අම­ර­වීර, රෙශොන් සොල­මන්ස්, ඩේරි­යන් ඩිගෝ, සචිත්‍ර ගුණ­සිංහ, අයි­මෑන් අන්සාරි, ආරොන් ද සිල්වා, අභීත් පර­ණ­වි­දාන, යොවෙල් වර්ණ­කු­ල­සූ­රිය, අන්ශේන් ද සිල්වා, ශනිල් පෙරේරා, මිනෝන් වර්ණ­සූ­රිය, අරිත් අදි­කා­රම්, චනුත් ඇහැ­ලි­ය­ගොඩ, නෙතුන් විතා­නගේ, මහිත් රාජ­පක්ෂ.

 

ප්රින්ස් ගුණ­සේ­කර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here