14
ගුවන්විදුලි සංස්ථාවට අයත් නුවරඑළිය සතු සංචාරක බංගලාව පසුගිය ආණ්ඩුව කාලයේ රාජ්‍ය දේපොළ අවභාවිත කරමින් ස්පා කටයුතු සඳහා භාවිත කර ඇති බවට තොරතුරු ඇතැයි ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රිනී ඔෂානි උමංගා මහත්මිය පාර්ලිමේන්තුවේ දී ඊයේ (06) පැවසුවාය.
අයවැය තෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරිය මේ බව කියා සිටියාය.
මන්ත්‍රීවරිය මෙසේද පැවසුවාය.
රාජ්‍ය දේපොළ අවභාවිත කිරීමේ කාලය අවසන් කරමින් ජනතාවගේ සුබසාධනය උදෙසා ඒවා යොදා ගැනීමට වත්මන් ආණ්ඩුව යටතේ කටයුතු කරනවා.
තොරතුරු තාක්ෂණය දියුණු වීමට වැඩිපුරම සක්‍රිය වුණේ තැපැල් දෙපාර්තමේන්තුවයි. අපේ ගමට දිනපතාම පැමිණෙන රාජ්‍ය නිලධාරියා කවුද කියලා මතක් කළොත් අපට මතක් වන්නේ තැපැල් නිලධාරි මහත්මයා. අපි කියන්නේ ‘පියුන් මහත්තයා’ කියලා. අධිරාජ්‍ය යුගයේ සිට අද දක්වා අවම පහසුකම් යටතේ වුවත් අවශ්‍යම සේවාවක් තැපැල් දෙපාර්තමේන්තුවෙන් කරනවා. ඔවුන්ට අවශ්‍ය උසස් කිරීම් ඇතුළු වරප්‍රසාද යනාදිය ලබාදීමට ආණ්ඩුව පියවර ගත යුතුයි. ජනමාධ්‍ය අමාත්‍යාංශය ගැන අද කතා කරන නිසා ඒ ආයතනවලින් මට පණිඩුව ලැබුණා. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සේවක මහත්මයෙකුත් මට පණිවුඩයක් එවා තිබුණා. ඔහු කියලා තිබුණේ සහන නිවේදක ලෙස බැඳුණේ 2005 දී කියලා. 2015 දී කොන්ත්‍රාත් නිවේදකයන් විදියට ඔවුන් බඳවාගෙන තිබෙනවා. තවමත් ඔවුන් කොන්ත්‍රාත් පදනම යටතේ සිටින්නේ. ඉදිරියේදී මේ සියලු දේ ක්‍රමානුකූලව නිවැරදි කළ යුතුයි. දේශපාලන බලපෑම් යටතේ තමයි පසුගිය කාලය පුරා බඳවා ගැනීම්, උසස් කිරීම් කළේ. ඒ තත්ත්වය අපි වෙනස් කරනවා. තැපැල් සේවාවත් නූතනවාදී දියුණු තත්ත්වයක් ඇති කරනවා. නුවරඑළිය තැපැල් කාර්යාලය හෝටලයකට ලබාදීමට පසුගිය ආණ්ඩුව කටයුතු කළා. අපි නැවත පවරාගෙන සංචාරක කර්මාන්තය නඟා සිටුවීමට සැලසුම් කර තිබෙනවා. එම ස්ථානය පෞරාණික වටිනාකමකින් යුක්ත ස්ථානයක්. සංචාරකයන්ට පැමිණ එහිදී ඡායාරූපයක් ගෙන තමන්ගේ රටට යන විට සමරු මුද්දරයක් ලෙස රැගෙන යාමේ තත්ත්වයකට ගෙන එනවා.