14
ජනතාවට දැනෙන ආකාරයේ ඖෂධ මිල අඩු කිරීමක් කරන්නේ යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (06) පැවසීය.
අය-වැය තෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.
ඇමැතිවරයා මෙසේ ද පැවසීය.
ඖෂධ මිල අඩු කිරීමේ සූත්‍රයක් හඳුන්වාදීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය, වෛද්‍ය සැපයීම් අංශය, රාජ්‍ය ඖෂධ සංස්ථාව යනාදී ආයතන එක්ව සාකච්ඡා පවත්වනවා. ඖෂධ ආනයනකරුවන් සහ නිෂ්පාදකයන් ඒ සඳහා සහාය දෙනු ඇතැයි අපේක්ෂා කරනවා.
අඛණ්ඩ ගුණාත්මක තත්ත්වයේ ඖෂධ සැපයීමටත් අපි අවධානය යොමු කර තිබෙනවා. ඖෂධ මිලදී ගැනීම සඳහා මෙවර අය-වැයෙන් රුපියල් බිලියන 183.8ක් වෙන් කර ඇති බවත් වෛද්‍ය සැපයීම් ඒකකයට රුපියල් බිලියන 60ක්, ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවට රුපියල් බිලියන 35.6ක්, දේශීය නිෂ්පාදකයන්ට රුපියල් බිලියන 44ක්, රෝහල්වල ප්‍රාදේශීය මිලදී ගැනීම්වලට රුපියල් බිලියන 35ක් ලෙස මුදල් වෙන් කර ඇති බවත් ඇමැතිවරයා කීය.
රට පුරා ඔසුසල් පද්ධතිය ශක්තිමත් කරන බවත් ගුණාත්මකභාවයෙන් යුක්ත ඖෂධ රෝගීන්ට ලබාදීමට ආණ්ඩුව සැලසුම් කර තිබෙනවා.
ගුණාත්මකභාවයෙන් අඩු ඖෂධ ගෙන්වීම නැවැත්වීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ස්ථාපිත රසායනාගාර පහසුකම් වැඩිදියුණු කිරීමට රුපියල් මිලියන 25ක් අය-වැයෙන් වෙන් කර තිබෙනවා.