19
මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය වැඩි දියුණු කිරීම සඳහා, වරලත් මාධ්‍ය පුහුණු ආයතනය කඩිනමින් ආරම්භ කරන ලෙස ගාල්ල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) ප්‍රකාශ කළේය.
ගයන්ත කරුණාතිලක මහතා මේ බව සඳහන් කළේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශවල වැයශීර්ෂයන් පිළිබඳ විවාදයට එක් වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ගයන්ත කරුණාතිලක මහතා මෙසේද පැවසීය.
රටක ශක්තිමත් මාධ්‍ය කර්මාන්තයක් නිර්මාණය කිරීම සඳහා, තරඟකාරී ව්‍යාපාරික පරිසරයක් සහ ශක්තිමත් වෙළෙඳ දැන්වීම් වෙළඳපොළක්ද තිබිය යුතුයි. මම ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළ වකවානුවේදි උපරිම ලෙස මාධ්‍ය නිදහස තහවුරු කිරීමට කටයුතු කළා.
එමෙන්ම තොරතුරු දැනගැනීමේ පනත ගෙන ඒමට විෂය භාර ඇමැතිවරයා ලෙස මට හැකිවුණා. අදවනවිට එම ආයතනයට අවශ්‍ය කාර්ය මණ්ඩලය ප්‍රමාණාත්මක වන්නේ නැහැ.
ශක්තිමත් ස්වාධීන මහජන සේවා මාධ්‍ය කර්මාන්තයක් තිබිය යුතු වෙනවා. ආණ්ඩුවට කරන්න බොහෝ දේවල් තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් පුවත්පත් මුද්‍රණය කරන කඩදාසි සහ තීන්ත සඳහා පනවා තිබෙන බදු අඩු කිරීම පෙන්වා දෙන්න පුළුවන්. අපි දීර්ඝ කාලයන් තොරතුරු දැනගැනීමේ පනත ගැන මේ පාර්ලිමේන්තුවේ කතා කළා. අවස්ථා ගණනාවකදී මේක ගේන්න උත්සහ කළා. නමුත් රාජපක්ෂ රජය ඒකට බොහෝම විරෝධයක් දැක්වූවා. මම ජනමාධ්‍ය ඇමති වෙලා භාග්‍ය ලැබුණා දින කිහිපයක් ඇතුළත ඒ ඓතිහාසික පනත පාර්ලිමේන්තුවට ගේන්නත්, 225දෙනාම අත උස්සලා ඒක සම්මත කර ක්‍රියාත්මක කරන්නත් අපිට එදා පුළුවන්කම ලැබුණා. තොරතුරු දැනගැනීමේ පනතට අද වන විට අත්ව තිබෙන කනගාටුදායක ඉරණම ගැන කියන්න ඕනෑ. තොරතුරු දැනගැනීමේ කොමිසමේ 26 දෙනෙක් කාර්යය මණ්ඩලයේ සිටිය යුතු වුවත් මට දැනගන්න ලැබෙන විදියට ඉන්නේ 10 දෙනෙක් විතර. අද වන විට තොරතුරු දැනගැනීමේ කොමිසම අක්‍රීය වීමේ අවදානමක් තියෙනවා. මේ වගේ කාරණා නිසා තොරතුරු දැනගැනීමේ පනතින් අපේ රටේ ජනතාවට ලැබුණු ප්‍රතිලාභ අද සම්පූර්ණයෙන්ම නැතිවීමේ අවදානමක් තිබෙනවා.
පාර්ලිමේන්තුවේදී රජයෙන් ඉල්ලා සිටියේ නවීන ප්‍රවණතා සහ අවශ්‍යතා අනුව ස්වාධීන විකාශන අධිකාරී පනතක් පාර්ලිමේන්තුවට ගෙන එන ලෙසයි. රටක ස්වාධීන හා නිදහස් මාධ්‍ය කර්මාන්තයක් බිහිවීම සඳහා ස්වාධීන නියාමනයක් තිබිය යුතුය. මාධ්‍ය ආයතනවල නිදහස සහ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම, පුරවැසියන්ට නිදහසේ තම අදහස් ප්‍රකාශ කිරීමට සහ ජනතාවට නිවැරදි තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය සහතික කිරීම සඳහා මෙම පනත ඉක්මනින් ගෙන ආ යුතුය.