Home Sport News Room : වසර 25කට පසු ඉන්දියාව-නවසීලන්තය එක්දින අවසන් මහ තරගයකදී හමුවෙයි

News Room : වසර 25කට පසු ඉන්දියාව-නවසීලන්තය එක්දින අවසන් මහ තරගයකදී හමුවෙයි

0
0

වසර 25කට පසු ඉන්දියාව සහ නවසීලන්තය අයිසීසී එක්දින ක්‍රිකට් තරගාවලියක අවසන් මහ තරගයේදී හමුවීම අනිද්දා (9) ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී සිදුවෙයි. 2000 වසරෙන් පසු පළමු වරට නවසීලන්තය සහ ඉන්දියාව මෙලෙස එක්දින අවසන් මහ තරගයකදී හමුවීම විශේෂ සිදුවීමක් වන අතර, ස්‍ටපන් ෆ්ලෙමින්ගේ නායකත්වයෙන් යුත් නවසීලන්ත කණ්ඩායම කඩුලු 4කින් සෞරව් ගංගුලිගේ නායකත්වයෙන් යුත් ඉන්දියාව පරාජය කළ බැවින් ඩුබායිහිදී එම පරාජයේ වාඩුව ගැනීමට රෝහිත් ෂර්මා ප්‍රමුඛ ඉන්දීය පිලට අවස්ථාවක් ලැබෙනු ඇතැයි විචාරක මතය වේ.

දෙරට 2021දී අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලියේ සවුත්හැම්ප්ටන්හි අවසන් මහ තරගයේදී මුණගැසුණ අතර, එහිදී කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුත් නවසීලන්ත පිල වර්ෂාවෙන් සිදුවූ බලපෑම් මැද විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් ඉන්දියාව කඩුලු අටකින් පරාජය කළේය.

එබැවින් නවසීලන්තය හා ඉන්දියාව අතර එදා මෙදාතුර ඉතිහාසයේ අවසන් මහ තරගවලදී මුණගැසුණු අවස්ථා දෙකේදීම ඉන්දියාව පරාජයට පත්ව තිබීම කැපී පෙනේ.

නවසීලන්තය 2009 වසරෙන් පසු අවසන් මහ තරගයකට සුදුසුකම් ලැබූ අතර, අවසන් පූර්ව තරගයේදී පරාජය වූ දකුණු අප්‍රිකාවට චැම්පියන්ස් කුසලාන අවසන් මහ තරගය පස්වන වතාවටත් අහිමිවී ගියේය. පළමු අවසන් පූර්ව තරගයේදී ඔස්ට්‍රේලියාව කඩුලු 4කින් පරාජය කරමින් ඉන්දියාව පස්වැනි වරටත් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීය.

මෙ‍තෙක් තරග 3කදී ලකුණු 217ක් ලබා සිටින ඉන්දියාවේ විරාට් කෝලි හා තරග 3කදී ලකුණු 226ක් ලබා සිටින නවසීලන්තයේ රචින් රවීන්ද්‍ර කෙරෙහි බොහෝ දෙනකුගේ අවධානය යොමුව පවතී. එමෙන්ම පන්දු යැවීමේදී ඉදිරියෙන් සිටින නවසීලන්තයේ මැතිව් ජේම්ස් හෙන්රි (කඩුලු 10) හා මංගල එක්දින තරගාවලියට ක්‍රීඩා කරන ඉන්දියාවේ වරුන් චක්‍රවර්ති (කඩුලු 7) භයානක පන්දු යවන්නන් බවට පත්ව සිටිති.

ප්‍රින්ස් ගුණසේකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here