17
සියලු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගාසා තීරයෙන් ඉවත්වන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමාස් සංවිධානයට දැනුම් දී ඇතැයි ද, එය අවසන් නිවේදනය බව ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම දැනුම් දීම නොසලකා හරින්නේ නම් බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ. අමෙරිකානු ජනාධිපතිවරයා මේ අනතුරු ඇඟවීම නිකුත් කර ඇත්තේ ගාසා තීරයේ යුද ගැටුම් අවසන් කිරීමට හමාස් සංවිධානය සමඟ සෘජුවම සාකච්ඡා කිරීමට සූදානම් බවට ධවල මන්දිරය ප්‍රකාශ කිරීමෙන් පසුව බව ද වාර්තා වේ. හමාස් සංවිධානය සමඟ සාකච්ඡා කිරීමට අමෙරිකාව එකඟතාව පළ කර ඇත්තේ වසර 28කට පසුව බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
‘මම කියන විදිහට වැඩ කළේ නැත්තම් යුද්ධය ඉවර කරන්න අවශ්‍ය හැමදේම මම ඊශ්‍රායලයට දෙනවා. හමාස් සංවිධානයේ එක සාමාජිකයකුවත් ඉතුරු වෙන එකක් නෑ.’ ඩොනල්ඩ් ට්‍රම්ප් එසේ ප්‍රකාශ කළ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.