Home World News Room : රුසියානු ප්‍රහාරයකින් යුක්‍රේනයේ 20ක් මරුට

News Room : රුසියානු ප්‍රහාරයකින් යුක්‍රේනයේ 20ක් මරුට

0
0

යුක්‍රේනයේ නැගෙනහිර කලාපයට රුසියාව විසින් එල්ලකරන ලද ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

ප්‍රහාරයෙන් නේවාසික ගොඩනැගිලි අටක් සහ පරිපාලනස ගොඩනැගිල්ලකට හානි සිදුව ඇති බව යුක්‍රේන හදිසි සේවා වාර්තා කර තිබේ.

නැගෙනහිර යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් කලාපයේ නගරයක් වන ඩොබ්‍රොපිලියා වෙත මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර මෙම නගර රුසියානු පරිපාලනය යටතේ පවතින ඩොනෙට්ස්ක් නගරයට වයඹ දෙසින් පිහිටා ඇත.

අමෙරිකාව මේ වන විට යුක්‍රේනයේ චන්ද්‍රිකා ඡායාරූප වෙත ප්‍රවේශය සීමා කර ඇති අතර හමුදා සහ බුද්ධි තොරතුරු හුවමාරුව අත්හිටුවා ඇත.

මේ අතර රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ එක රැයකින් ඩ්‍රෝන යානා 31 ක් අල්ලා ගත් බවයි.

The post රුසියානු ප්‍රහාරයකින් යුක්‍රේනයේ 20ක් මරුට appeared first on දිනමිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here