13
රටට එරෙහිව කුමන්ත්‍රණයක් කළ බවට චෝදනා ලැබ අත්අඩංගුවට පත්වූ දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් රැඳවුම් භාරයෙන් නිදහස ලබා තිබේ.
ජනාධිපතිවරයා මෙලෙස නිදහස ලැබුවේ ඔහුට එරෙහි අධිචෝදනා පත්‍රයේ කාලය සහ විමර්ශන ක්‍රියාවලියේ නීත්‍යානුකූලභාවය පිළිබඳ ප්‍රශ්නකරමින් ඔහුගේ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව අහෝසි කිරීමට අධිකරණය පියවර ගැනීමෙන් පසුවය.
ඔහු නිදහස් කරන ලෙස අධිකරණය තීන්දුව ලබා දුන්න ද ඔහුට එරෙහි නඩුව තවදුරටත් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල්ට රට තුළ දැඩි අප්‍රසාදයකට ලක්වුයේ හදිසියේ රටට හමුදා නීතිය හඳුන්වාදීමට ගත් තීන්දුවත් සමඟිනි.
පසුගිය වසරේ දෙසැම්බර් මස 3 වැනිදා ගත් මෙම අත්තනෝමතික තීන්දුව පැය කිහිපයක් තුළ හකුලාගැනීමට, ඔහුට සිදුවූ අතර ඔහුට එරෙහිව විමර්ශනයක් ද ඒ සමඟම ආරම්භ වුණි.
රටට එරෙහිව කුමන්ත්‍රණය කළ බව ජනාධිපතිවරයාට එල්ල වී ඇති චෝදනාව වන අතර ඒ යටතේ ඔහු අත්අඩංගුවට ගත්තේ පසුගිය ජනවාරි මස 15 වැනිදාය.
එහිදී බලහත්කාරයෙන් ජනාධිපති මන්දිරයට පිවිස ඔහු අත්අඩංගුවට ගැනීමට පොලීසියට සිදුවුණි.