Home Sport News Room : ආසි­යානු ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් අද ඇරඹේ

News Room : ආසි­යානු ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් අද ඇරඹේ

0
0

ජාත්‍ය­න්තර ක්‍රිකට් තරග බිමේ ආසි­යානු රට­වල් නියෝ­ජ­නය කර­මින් දස්කම් දැක්වූ ප්‍රබල ක්‍රීඩ­ක­යන්ගේ සහ­භා­ගී­ත්ව­යෙන් පැවැ­ත්වෙන ආසි­යානු ලෙජන්ඩ්ස් ලීග් (Asian Legends League 2025 / ALL T20) විස්සයි20 ක්‍රිකට් තර­ගා­ව­ලිය අද (10) ඉන්දි­යාවේ උද­ය­පූර්හි මිරාජ් ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී ආරම්භ වේ.

ශ්‍රී ලංකා ලයන්ස්, ඉන්දි­යන් රෝයල්ස්, ඇෆ්ග­නි­ස්තාන් පතාන්ස්, බංග්ලා­දේශ් ටයි­ගර්ස් සහ ඒෂි­යන් ස්ටාර්ස් ලෙස කණ්ඩා­යම් 5ක් එක්වන තර­ගා­ව­ලිය මේ මස 18 වැනිදා නිමා­වී­මට නිය­මි­තය.

තිසර පෙරේ­රාගේ නාය­ක­ත්ව­යෙන් පිටි­යට පිවි­සෙන ශ්‍රී ලංකා ලයන්ස් පිලට තිල­ක­රත්න ඩිල්ෂාන්, උපුල් තරංග, චාමර කපු­ගෙ­දර, චතු­රංග ද සිල්වා, ධනුෂ්ක ගුණ­ති­ලක, ජීවන් මෙන්ඩිස්, අශාන් ප්‍රියං­ජන්, ඉසුරු උදාන, චාමර සිල්වා, අසේල ගුණ­රත්න, ඇන්ජලෝ පෙරේරා, තිලාන් තුෂාර, මලින්ද පුෂ්ප­කු­මාර සහ මිලින්ද සිරි­ව­ර්ධන එක්ව සිටිති.

ශ්‍රී ලාංකේය ක්‍රීඩ­ක­යන් වන හිරු තිරි­මාන්න, ඩිල්ෂාන් මුණ­වීර, ශෙහාන් ජය­සූ­රිය සහ සීක්කුගේ ප්‍රසන්න ඒෂි­යන් ස්ටාර්ස් කණ්ඩා­ය­මට ඇතු­ළත්ව තිබේ. ශ්‍රී ලංකන් ලයන්ස් පිල හෙට (11) ඉන්දි­යන් රෝයල්ස් පිලට එරෙ­හිව පළමු තර­ග­යට එක්වෙයි.

නිරෝ­ෂාන් ප්‍රියං­කර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here