1
ජාත්‍යන්තර ක්‍රිකට් තරග බිමේ ආසියානු රටවල් නියෝජනය කරමින් දස්කම් දැක්වූ ප්‍රබල ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ආසියානු ලෙජන්ඩ්ස් ලීග් (Asian Legends League 2025 / ALL T20) විස්සයි20 ක්‍රිකට් තරගාවලිය අද (10) ඉන්දියාවේ උදයපූර්හි මිරාජ් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.
ශ්‍රී ලංකා ලයන්ස්, ඉන්දියන් රෝයල්ස්, ඇෆ්ගනිස්තාන් පතාන්ස්, බංග්ලාදේශ් ටයිගර්ස් සහ ඒෂියන් ස්ටාර්ස් ලෙස කණ්ඩායම් 5ක් එක්වන තරගාවලිය මේ මස 18 වැනිදා නිමාවීමට නියමිතය.
තිසර පෙරේරාගේ නායකත්වයෙන් පිටියට පිවිසෙන ශ්‍රී ලංකා ලයන්ස් පිලට තිලකරත්න ඩිල්ෂාන්, උපුල් තරංග, චාමර කපුගෙදර, චතුරංග ද සිල්වා, ධනුෂ්ක ගුණතිලක, ජීවන් මෙන්ඩිස්, අශාන් ප්රියංජන්, ඉසුරු උදාන, චාමර සිල්වා, අසේල ගුණරත්න, ඇන්ජලෝ පෙරේරා, තිලාන් තුෂාර, මලින්ද පුෂ්පකුමාර සහ මිලින්ද සිරිවර්ධන එක්ව සිටිති.
ශ්‍රී ලාංකේය ක්‍රීඩකයන් වන හිරු තිරිමාන්න, ඩිල්ෂාන් මුණවීර, ශෙහාන් ජයසූරිය සහ සීක්කුගේ ප්‍රසන්න ඒෂියන් ස්ටාර්ස් කණ්ඩායමට ඇතුළත්ව තිබේ. ශ්‍රී ලංකන් ලයන්ස් පිල හෙට (11) ඉන්දියන් රෝයල්ස් පිලට එරෙහිව පළමු තරගයට එක්වෙයි.
නිරෝෂාන් ප්‍රියංකර