Home Politics News Room : කාන්තා­වට නිසි තැන දුන් එකම පක්ෂය එජා­පයයි

News Room : කාන්තා­වට නිසි තැන දුන් එකම පක්ෂය එජා­පයයි

0
0

මෙරට කාන්තා­වට නිසි තැන දුන් එකම දේශ­පා­ලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය යැයි එක්සත් ජාතික පක්ෂ සභා­පති, හිටපු අමාත්‍ය වජිර අබේ­ව­ර්ධන මහතා පැව­සිය.

ඒ මහතා මෙසේ පැව­සුවේ එක්සත් ලක් වනිතා පෙර­මුණ එක්සත් ජාතික පක්ෂ මූල­ස්ථා­නයේ දී එක්සත් රටක් – සංව­ර්ධිත හෙටක් වෙනු­වෙන් කාන්තා බලය අර්ථ ගන්වමු මැයෙන් සංවි­ධා­නය කරන ලද කාන්තා දින සැම­රු­මට එක්වෙ­මිනි.

මෙහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ වජිර අබේ­ව­ර්ධන මහතා මෙසේ ද පැව­සීය.

එක්සත් ජාතික පක්ෂය කියන්නේ කාල­යට අනුව වෙනස් වුණු දේශ­පා­ලන පක්ෂ­යක්. 1946 සැප්තැ­ම්බර් 6 වැනිදා ආරම්භ කරන එක්සත් ජාතික පක්ෂය ඉති­හා­සයේ ප්‍රථම වතා­වට කාන්තා­වක් මහ­ලේ­ක­ම්ව­රිය හැටි­යට පත් කළ පක්ෂය වශ­යෙන් ඉති­හා­ස­ගත වෙනවා.

වෙනත් පක්ෂ­වල කිසිම දව­සක මහ­ලේ­ක­ම්ව­රි­යක් ඉඳලා නැහැ. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය තමයි කාන්තා­වන්ට තැන දුන් එකම දේශ­පා­ලන පක්ෂය. අපි ගිය අවු­රුද්දේ මාර්තු 8 වැනිදා VIII වැනි විධා­යක ජනා­ධි­ප­ති­තු­මන්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් වෝටර්ස් එජ් හෝට­ල­යේදී කාන්තා දිනය සැම­රුවා. 6 වැනිදා රනිල් වික්‍ර­ම­සිංහ මහතා කාන්තා ප්‍රඥ­ප්තිය පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කළා. එහි කොටස් ගණ­නා­වක් සම්බන්ධ වෙනවා එතුමා පහු­ගිය අවු­රුදු දෙක­හ­මාර තුළ ගෙනා අණ­ප­න­ත්ව­ලට.

එතුමා ජාති­යට වැද­ගත් පනත් විශාල ප්‍රමා­ණ­යක් ඉදි­රි­පත් කළා. එකක් තමයි ආර්ථික පරි­ව­ර්තන පනත. දෙක දූෂණ විරෝධි පනත. තුන ණය නැවත ගෙවන්නේ කොහො­මද කියන ජාතික ප්‍රති­පත්ති පනත.

මේ වගෙ පනත් ගේන­විට ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල වැනි ආය­තන සිය­ල්ලක් කියපු කාර­ණ­යක් තමයි කාන්තා­වන්ගේ මැදි­හ­ත්වී­මෙන් සංව­ර්ධන ව්‍යාපෘති ආරම්භ කර ඉදි­රි­යට ගෙන­ය­න­විට මුද­ල්වල ආර­ක්ෂි­ත­භා­වය හොඳයි කියලා. ඒ අනුව ඒ පන­ත්වල බොහෝ තැන්ව­ලදී කාන්තා­වන්ට මූලි­ක­ත්වය ලබා­දීම සඳහා විශේෂ වගන්ති ගණ­නා­වක්ම ලියා තිබෙ­නවා.

ඒ අතරේ තිබෙ­නවා මහ බැංකු පනත. දැන් මේ පන­ත්ව­ලින් පිට මේ රට ගෙනි­යන්න බැහැ. අපේ අය හිතුවා එක අසු­නට වැටුණු එක්සත් ජාතික පක්ෂය ඉව­රයි කියලා. බල­න්නකෝ එක ආස­න­යක තිබෙන බල­ව­ත්කම. ඒක තමයි ඔබ අධ්‍ය­ය­නය කරන්න ඕන. ආසන 160න් ගත්තත් ඒක ජනා­ධි­ප­ති­කම. එක ආස­න­යෙන් ගත්තත් ඒක ජනා­ධි­ප­ති­කම. මොකද්ද තිබෙන වෙනස? මොනව හරි වග­න්ති­වල අඩු­පා­ඩු­වක් තිබෙ­න­වද?

රට බංකො­ලොත් වුණු වෙලාවේ, රට මුළු­ම­නින්ම කඩා­ගෙන වැටුණු වෙලාවේ, කාන්තාව අස­රණ වුණු වෙලාවේ එක අසු­නක් රටට නාය­කත්ව ලබා දුන්නා. ඒක ලේසි වැඩක් නෙමෙයි. ඊයේ පෙරේදා මගෙන් එක්කෙ­නෙක් අහ­නවා, එක ආස­න­යක් තිය­න­කොට කොහො­ම­හරි ජනා­ධි­පති කෙනෙක් හැදු­වනේ. ඒත් දැන් එක­ක්වත් නෑනේ. එත­කොට කොහො­මද ජනා­ධි­පති කෙනෙක් හදන්නේ කියලා. මම ඔහුට කිවුවා එක ආස­න­ය­ක්වත් නැතිව ජනා­ධි­පති වෙන්න පුළු­වන් කියලා.

අපිට එක ආස­න­ය­ක්වත් නැති වුණාට මේ පක්ෂ­යට තිබෙ­නවා ජාතික ප්‍රති­පත්ති රාමු­වක් තුළ යන ගමන් මඟක්. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ.

කාන්තා­වක්ට අවශ්‍ය කරන නීති පද්ධ­තිය හැදුවේ එක්සත් ජාතික පක්ෂ­යයි. එය ඉදි­රි­යට අර­ගෙන ගියේ VIII වැනි විධා­යක ජනා­ධි­ප­ති­තු­මයි කියලා මම ඔබට ප්‍රකාශ කර­නවා. එතු­මාට අවු­රුදු 2යි තිබුණේ.

එතුමා භාර­ගත්ත අභි­යෝ­ගය වෙනස්. එතු­මාට එක්සත් ජාතික පක්ෂය වෙනු­වෙන් පාර්ලි­මේ­න්තුවේ එක අසු­නයි තිබුණේ. ඒ අසුන කොයි තරම් බල­වත් වුණාද රටක පාලන බලය ලබා­ගන්න තරම්. හෙට වැටෙන රට ගොඩ­ගන්න පුළු­වන් වෙන නාය­ක­යෙක් අපිට පේන තෙක් මානෙක නෑ. හෙට වැටෙන රට ගොඩ­ගන්න පුළු­වන් එකම නාය­කයා 8 වැනි විධා­යක ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා පම­ණයි.

වැටෙන එක නිය­තයි. අපිට පේනවා එතුමා අවු­රුදු දෙක­හ­මා­රක් ඇතු­ළත පාර්ලි­මේ­න්තු­වට කාන්තා පනත් ඇතුළු පනත් 92ක් ගේනවා.

කිසිම ආණ්ඩු­වක් පාර්ලි­මේ­න්තු­වට පනත් 92ක් ගෙනත් නැහැ. එයින් පනත් 15ක් පමණ ජන ජීවි­ත­යට ඉතා වැද­ගත්. ඒ හැම පන­තක්ම අපි මේ කතා කරන අව­ස්ථා­වේ­දීත් උල්ලං­ඝ­නය වෙමින් තිබෙ­නවා. එහෙ­නම් රට කඩා­වැ­ටීම නිය­තයි. ඒක වෙනස් කරන්න බැහැ.

ලංකාව නමැති බසය ඉදි­රි­යට පද­ව­ගෙන ගිය රියැ­දුරා තමයි රනිල් වික්‍ර­ම­සිංහ මැති­තුමා.

රියැ­දු­රාව මඟදී බස්සලා වෙන කෙනෙක් බස් එකට නැග්ගට බස් එකේ තිබෙන ප්‍රශ්න ටික ඔහුට නිසි­යා­කා­රව අඳු­න­ගන්න බැහැ. ඒ නිසා තමයි 8 වැනි විධා­යක ජනා­ධි­පති ගැන මම බය නැතිව කියන්නේ. ඔබ සම­හර අයට එහෙම නොපෙ­නෙන්න පුළු­වන්. නමුත් මට එහෙම පේනවා. ඇයි කිය­න­ව­නම් ඒ අණ­ප­නත් පිළි­බඳ තිබුණු අව­බෝ­ධය නිසා.

එක්සත් ජාතික පක්ෂය කාන්තා­වන්ට හැම­දා­මත් තැන දීපු දේශ­පා­ලන පක්ෂ­යක්. විශේ­ෂ­යෙන් රනිල් වික්‍ර­ම­සිංහ ජනා­ධි­ප­ති­තුමා විශාල විශ්වා­ස­යක් තබා­ගෙන ඉන්නවා කාන්තා­වන් ඒ සඳහා සුවි­ශේෂ දාය­ක­ත්ව­යක ලබා­දෙයි කියලා. ඒ නිසා එතුමා කාන්තා­වන් වශ­යෙන් ඔබ­ටත් ජාති­ය­ටත් කර තිබෙන සේවාව ඔබ දිගින් දිග­ටම කතා කළ යුතුයි.

– එජාප මහ ලේකම් තලතා අතු­කෝ­රළ මහත්මිය,

“එක්සත් ජාතික පක්ෂයේ කාන්තා­වන් කළ සේවය සමා­ජ­ගත වී නැහැ. ලෝකයේ පළමු අග­මැ­ති­නිය අපේ රටෙන් බිහි වුණත් කාන්තා­වන්ට වැඩි­යෙන්ම තැනක් හිමි කර­දුන්නේ 1977න් පසු හිටපු ජනා­ධි­පති ජේ.ආර්.ජය­ව­ර්ධන මහ­තායි. කුස්සියේ සිටි කාන්තාව රටේ තීන්දු තීරණ ගන්න තැනට පත්කළේ එජා­ප­යයි.

එක්සත් ලක් වනිතා පෙර­මුණේ සභා­ප­තිනි අචිනි ලොකු­බ­ණ්ඩාර මහ­ත්මිය,

රනිල් වික්‍ර­ම­සිංහ මහතා අග­මැ­තිව සිටි­යදී කාන්තා­වන් සවි­බ­ල­ගැ­න්වීමේ පනත ඇතුළු කාන්තා­වන් වෙනු­වෙන් පනත් කිහි­ප­යක්ම ගෙන ආවා. පළාත් පාලන ආය­ත­න­වල කාන්තා නියෝ­ජ­නය 25% දක්වා වැඩි කළා.”

මේ සඳහා එක්සත් ජාතික පක්ෂ සභා­පති, හිටපු අමාත්‍ය වජිර අබේ­ව­ර්ධන, එක්සත් ජාතික පක්ෂ මහ­ලේ­කම් තලතා අතු­කෝ­රළ, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරි­ය­ව­සම්, හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී සමන් රත්න­ප්‍රිය, එක්සත් ලක් වනිතා පෙර­මුණේ සභා­ප­තිනී අචිනි ලොකු­බණ්ඩා මහත්ම මහත්ම මහ­ත්මීහු ඇතුළු විශාල පිරි­සක් සහ­භාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here