23
කැනඩාවේ ලිබරල් පාලක පක්ෂයේ නව නායකයා පත් කරගැනීම සඳහා වන මැතිවරණ කොට්ඨාස ඡන්ද ප්‍රකාශය ඊයේ පැවති බවත්, නව පක්ෂ නායකයා නිවේදනය කිරීම අද අලුයම සිදු කිරීමට නියමිතව තිබූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කැනඩාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාලක පක්ෂයේ නව නායකයා එරට නව අගමැතිවරයා ලෙස ද පත්වන බැවින් ලිබරල් පාලක පක්ෂයේ නව නායකයා තෝරාගැනීම පිළිබඳ ජාත්‍යන්තර අවධානය යොමු වි ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. කැනඩාවේ නව අගැමැතිවරයා තෝරාගැනීම සිදුවන්නේ වත්මන් අගමැති ජස්ටින් ටෘඩෝගේ නායකත්වය පිළිබඳ කැනේඩියානු ජනතාව අතර උද්ගත වූ අප්‍රසාදය සහ පාලක පක්ෂය අභ්‍යන්තරයෙන් චෝදනා එල්ල වීම බවත්, එරට මුදල් ඇමැතිනිය ක්‍රිස්ටියා ෆ්රීලන්ඩ්ස්ගේ ඉල්ලා අස්වීමත් සමඟ පක්ෂ නායකත්වයෙන් ඉවත්වන බව 53 හැවිරිදි ජස්ටින් ටෘඩෝ පසුගිය ජනවාරියේදි නිවේදනය කළ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ලිබරල් පාලක පක්ෂයේ නව නායකත්වය සඳහා ඡන්ද විමසීමේදී එරට ප්‍රවීණ බැංකුකරුවකු වන 59 හැවිරිදි මාක් කාර්නි සහ හිටපු මුදල් ඇමැති 56 හැවිරිදි ඉදිරියෙන් පසුවන බවත්, 50% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නා අපේක්ෂකයා ලිබරල් පක්ෂයේ නායකත්වයට සහ කැනඩාවේ අගමැති ධුරයට පත්වනු ඇති බවත් වාර්තා වේ. දිවුරුම් දෙන දිනයේ සිට ලබන ඔක්තෝබර් මස 20 දක්වා ඕනෑම දිනයක එරට මහමැතිවරණය කැඳවීමට නව අගමැතිවරයාට බලතල ඇති අතර, මේ මස අවසානයේදීම මැතිවරණය කැඳවීමට නව අගමැති පියවර ගනු ඇතැයි අනාවැකි පළ වී තිබේ.