Home World News Room : කැන­ඩාවට අද නව අග­මැතිවරයෙක් – දිනමිණ

News Room : කැන­ඩාවට අද නව අග­මැතිවරයෙක් – දිනමිණ

0
0

කැන­ඩාවේ ලිබ­රල් පාලක පක්ෂයේ නව නාය­කයා පත් කර­ගැ­නීම සඳහා වන මැති­ව­රණ කොට්ඨාස ඡන්ද ප්‍රකා­ශය ඊයේ පැවති බවත්, නව පක්ෂ නාය­කයා නිවේ­ද­නය කිරීම අද අලු­යම සිදු කිරී­මට නිය­මි­තව තිබූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කැන­ඩාවේ ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථා­වට අනුව පාලක පක්ෂයේ නව නාය­කයා එරට නව අග­මැ­ති­ව­රයා ලෙස ද පත්වන බැවින් ලිබ­රල් පාලක පක්ෂයේ නව නාය­කයා තෝරා­ගැ­නීම පිළි­බඳ ජාත්‍ය­න්තර අව­ධා­නය යොමු වි ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. කැන­ඩාවේ නව අගැ­මැ­ති­ව­රයා තෝරා­ගැ­නීම සිදු­වන්නේ වත්මන් අග­මැති ජස්ටින් ටෘඩෝගේ නාය­ක­ත්වය පිළි­බඳ කැනේ­ඩි­යානු ජන­තාව අතර උද්ගත වූ අප්‍ර­සා­දය සහ පාලක පක්ෂය අභ්‍ය­න්ත­ර­යෙන් චෝදනා එල්ල වීම බවත්, එරට මුදල් ඇමැ­ති­නිය ක්‍රිස්ටියා ෆ්‍රීලන්ඩ්ස්ගේ ඉල්ලා අස්වී­මත් සමඟ පක්ෂ නාය­ක­ත්ව­යෙන් ඉව­ත්වන බව 53 හැවි­රිදි ජස්ටින් ටෘඩෝ පසු­ගිය ජන­වා­රි­යේදි නිවේ­ද­නය කළ බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

ලිබ­රල් පාලක පක්ෂයේ නව නාය­ක­ත්වය සඳහා ඡන්ද විම­සී­මේදී එරට ප්‍රවීණ බැංකු­ක­රු­වකු වන 59 හැවි­රිදි මාක් කාර්නි සහ හිටපු මුදල් ඇමැති 56 හැවි­රිදි ඉදි­රි­යෙන් පසු­වන බවත්, 50% ක ඡන්ද ප්‍රති­ශ­ත­යක් ලබා­ගන්නා අපේ­ක්ෂ­කයා ලිබ­රල් පක්ෂයේ නාය­ක­ත්ව­යට සහ කැන­ඩාවේ අග­මැ­ති­ ධු­ර­යට පත්වනු ඇති බවත් වාර්තා වේ. දිවු­රුම් දෙන දිනයේ සිට ලබන ඔක්තෝ­බර් මස 20 දක්වා ඕනෑම දින­යක එරට මහ­මැ­ති­ව­ර­ණය කැඳ­වී­මට නව අග­මැ­ති­ව­ර­යාට බල­තල ඇති අතර, මේ මස අව­සා­න­යේ­දීම මැති­ව­ර­ණය කැඳ­වී­මට නව අග­මැති පිය­වර ගනු ඇතැයි අනා­වැකි පළ වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here