Home Sport News Room : ගල්කිස්ස සා. තෝමස් විදු­හල වසර 6කට පසු නිල් මහා සටන...

News Room : ගල්කිස්ස සා. තෝමස් විදු­හල වසර 6කට පසු නිල් මහා සටන දිනයි

0
0

කොළඹ රාජ­කීය – ගල්කිස්ස සාන්ත තෝමස් විදු­හල් අතර 146 වැනි ‘නිල් මහා සටනේ’ ජය වසර 6කට පසු සාන්ත තෝමස් විදු­හල සතු කර ගනියි. මේ විශිෂ්ට ජය­ග්‍ර­හ­ණය සැම­රීම උදෙසා අද දින ගල්කිස්ස සාන්ත තෝමස් විදු­හල නිවාඩු දින­යක් ලෙස ප්‍රකා­ශ­යට පත් කළේය.

මහා­මාන්‍ය ඩී.එස්. සේනා­නා­යක අනු­ස්ම­රණ කුස­ලා­නය වෙනු­වෙන් මේ තර­ගය කොළඹ එස්එස්සී පිටි­යේදී පෙරේදා නිමාව දුටු­වේය. 1879 වසරේ ඇරඹි මේ මහා තර­ගය ලෝක ඉති­හා­සයේ පැර­ණි­තම දෙවැනි ක්‍රිකට් තර­ගය වූ අතර, දැනට දෙපි­ලම ජය­ග්‍ර­හණ 36 බැඟින් වාර්තා කර සම තත්ත්වයේ පසුවේ.

කාසියේ වාසිය දිනූ සාන්ත තෝමස් පිල මුලින් පන්දු­වට පහ­ර­දී­මට රාජ­කීය විද්‍යා­ල­යට ආරා­ධනා කළ අතර, පළමු ඉනි­මට ලකුණු 319ක් ලබා ගැනී­මට සමත් විය. සාන්ත තෝම­සු­වන් සිය පළමු ඉනිම වෙනු­වෙන් ලකුණු 302ක් ලබා­ගත් අතර, රාජ­කීය විද්‍යා­ලය දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 215ක් ලබා සිටි­යදී ඉනිම අත්හි­ටුවා සාන්ත තෝමස් පිලට ලකුණු 232ක ඉල­ක්ක­යක් ලබා දුන්නේය. මෙය ඕව­ර­ය­කට ලකුණු 5.54ක ඉල­ක්ක­යක් වූ අතර, එවැනි තීර­ණ­යක් ගෙන ක්‍රීඩා­වට ජීව ගුණ­යක් එක් කිරීම පිළි­බඳ රාජ­කීය ක්‍රිකට් කළ­ම­නා­කා­රී­ත්ව­යට ප්‍රශංසා හිමි විය.

ධනා­ත්මක ආක­ල්ප­ය­කින් යුතුව පිටි­යට පිවිසි තෝම­සුවෝ මිනිත්තු 183ක කාල­යක් තුළදී ඕවර 41කට කඩුලු 5ක් දැවී ලකුණු 233ක් ලබා මේ ඓති­හා­සික ජය වාර්තා කළහ. සාන්ත තෝමස් විද්‍යා­ලය වෙනු­වෙන් පළමු ඉනි­මේදී ලකුණු 119ක් හා දෙවැනි ඉනි­මේදී නොදැවී ලකුණු 50ක් සමඟ රාජ­කීය කඩුලු 3ක් බිඳ­හෙළූ දිනෙත් ගුණ­ව­ර්ධන තර­ගයේ වීරයා සම්මා­නය දිනා­ගත් අතර, කඩුලු ත්‍රිත්ව­යක් සමඟ තර­ගය පුරා කඩුලු 7ක් දවා­ගත් සාන්ත තෝමස් විදු­හලේ ඩේරි­යන් ඩිගෝ හොඳම පන්දු යවන්නා ලෙසත්, පළමු ඉනි­මේදී ලකුණු 158ක් හා දෙවැනි ඉනි­මේදී ලකුණු 53ක් ලබා­ගත් රාජ­කීය විදු­හලේ රෙහාන් පීරිස් හොඳම පිති­කරු ලෙසත්, උඩ පන්දු 5ක් රැක­ගත් රාජ­කීය පිලේ විමත් දින්සර හොඳම පන්දු රකින්නා ලෙසත් සම්මාන දිනා ගත්හ.

ඩේරි­යන් ඩිගෝ පිට පිට කඩුලු ත්‍රිත්ව­යක් ලබා­ගත් තෙවැනි සාන්ත තෝමස් ක්‍රීඩ­කයා වූ අතර, එවැනි දස්ක­මක් දැක්වූ මහා තර­ගයේ සිවු­වැනි ක්‍රීඩ­කයා ලෙස වාර්තා විය. රාජ­කීය උප නායක රෙහාන් පීරිස් ඉනි­ම­කදී ලකුණු 150ක් රැස්කළ පස්වැනි රාජ­කීය ක්‍රීඩ­කයා බවට පත්වූ අතර, නායක රමිරු පෙරේරා 2018 වස­රෙන් පසු කඩුලු 5ක් දවා­ගත් පළමු රාජ­කීය ක්‍රීඩ­කයා ද විය.

සාන්ත තෝමස් අංක 4 පිති­කරු සදෙව් සොයිසා පන්දු 32කදී හයේ 3ක් හා හතරේ 4ක් සමඟ ලකුණු 52ක් ලබා­ගත් අතර, ඔහු ලකුණු 10ක් ලබා සිටි­යදී ලබා­දුන් උඩ පන්දුව රාජ­කී­යන් අතින් ගිලිහී ගියේය. තෝම­සු­වන්ගේ පිති­ක­රණ අංශයේ ප්‍රබ­ල­යකු වූ දිනෙත් ගුණ­ව­ර්ධන පන්දු 47කදී නොදැවි ලකුණු 50ක් වාර්තා කළ අතර, රෙශොන් සොල­මන්ස් පන්දු 47කදී නොදැවී ලකුණු 50ක් එක් කළේය.

දෙවි­දු­හල් අතර 48 වැනි එක්දින ක්‍රිකට් තර­ගය මේ 15 දා කොළඹ එස්එස්සී පිටි­යේදී පැවැ­ත්වී­මට නිය­මි­තය.

රාජ­කීය පළමු ඉනිම කඩුලු 7කට ලකුණු 319 (ඕවර 78) රෙහාන් පීරිස් 158, විමත් දින්සර 25, රමිරු පෙරේරා 15, තෙවිඳු වේවැ­ල්වල 48, යසිදු දිසා­නා­යක නොදැවී 25 (කවිඳු ඩයස් 71/2, ඩේරි­යන් ඩිගෝ 43/2) සහ දෙවැනි ඉනිම කඩුලු 8කට ලකුණු 215 (ඕවර 51) රෙහාන් පීරිස් 53, හිරුන් ලිය­නා­රච්චි 37, විමත් දින්සර 35, රමිරු පෙරේරා 50, යසිදු දිසා­නා­යක නොදැවී 17, අති­රේක 9 (දිනෙත් ගුණ­ව­ර්ධන 51/2, ඩේරි­යන් ඩිගෝ 40/5)

සාන්ත තෝමස් පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 302 (ඕවර 103) අවි­නාශ් ප්‍රනාන්දු 50, ජඩේන් අම­ර­වීර 31, සදෙව් සොයිසා 27, දිනෙත් ගුණ­ව­ර්ධන 119, රෙශොන් සොල­මන්ස් 17, අති­රේක 14 (රනුක මල­වි­ආ­රච්චි 72/3, රමිරු පෙරේරා 58/5) සහ දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 233 (ඕවර 41) ජඩේන් අම­ර­වීර 48, මිතිල චාල්ස් 26, සදෙව් සොයිසා 52, දිනෙත් ගුණ­ව­ර්ධන නොදැවී 50, රෙශොන් සොල­මන්ස් නොදැවී 50, අති­රේක 2 (රනුක මල­වි­ආ­රච්චි 62/2, රමිරු පෙරේරා 79/3).

ප්‍රින්ස් ගුණ­සේ­කර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here