Home Politics News Room : ජාජබ කොළඹ නග­රා­ධි­පති අපේ­ක්ෂ­ක­ත්ව­යට ව්‍රායි කැලී බල්ත­සාර්

News Room : ජාජබ කොළඹ නග­රා­ධි­පති අපේ­ක්ෂ­ක­ත්ව­යට ව්‍රායි කැලී බල්ත­සාර්

0
0

ඉදිරි පළාත් පාලන මැති­ව­ර­ණ­යේදී ජාතික ජන බල­වේ­ගයේ කොළඹ නගර සභාවේ නග­රා­ධි­පති අපේ­ක්ෂ­ක­ත්වය සඳහා ජාජබ විධා­යක සභික ව්‍රායි කැලී බල්ත­සාර් මහ­ත්මිය ඉදි­රි­පත් කිරී­මට තීර­ණය කර තිබේ. කොළ­ඹදී පැවති සමු­ළු­ව­කට පෙරේදා (08) සහ­භාගි වූ ජනතා විමුක්ති පෙර­මුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ බව කීවේය.

පළාත් පාලන මැති­ව­ර­ණ­යේදී නිය­මිත ආකා­ර­යට කාන්තා නියෝ­ජ­නය ජාතික ජන­බ­ල­වේ­ගය ඉදි­රි­පත් කරන බව ද කී ටිල්වින් සිල්වා මහතා සම­හර ස්ථාන­වල වැඩි නියෝ­ජ­න­යක් නම්කළ හැකි යැයි ද සඳ­හන් කළේය. මෙවර පළාත් පාලන මැති­ව­ර­ණ­යේදී මෙරට සිය­ලුම පළාත් පාලන ආය­තන ජාතික ජන­බ­ල­වේ­ගය ජය­ග්‍ර­හ­ණය කර­වීම සඳහා “සැවොම එක මිටට” එක­තු­විය යුතු බවත් ප්‍රධාන ලේක­ම්ව­රයා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය. ලබා­ගත් බලය රැක­ගත යුතු යැයි ද ටිල්වින් සිල්වා මහතා පැව­සීය.

උපාලි කරු­ණා­රත්න, මැද කොළඹ සමූහ ආරි­ය­රත්න ගනේ­ගොඩ, මුල්ලේ­රි­යාව සිරි­සේන ගමගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here