Home World News Room : තලේ­බාන් වෙඩි ප්‍රහා­ර­යට ලක්වූ මලාලා වසර 13කට පසු පාකි­ස්තා­නයේ...

News Room : තලේ­බාන් වෙඩි ප්‍රහා­ර­යට ලක්වූ මලාලා වසර 13කට පසු පාකි­ස්තා­නයේ සංචා­ර­යක

0
0

නොබෙල් සාම ත්‍යාග­ලාභී ලෝක ප්‍රකට සමාජ ක්‍රියා­කා­රි­නි­යක වන මලාලා යූසු­ෆ්සායි වසර 13කට පසු යළි සිය උපන් බිම වන පාකි­ස්තා­න­යට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ වන­විට 27 හැවි­රිදි වියෙහි පසු­වන ඇය 2021 වසරේ ඔක්තෝ­බ­ර­යේදී තලේ­බාන් සංවි­ධා­නයේ සාමා­ජි­ක­ය­කුගේ වෙඩි පහ­ර­කින් හිසට දරුණු තුවාල සිදු­වෙද්දී 15 හැවි­රිදි වියෙහි පසු­වූ­වාය. පාකි­ස්තා­නයේ කයි­බර් පක්ටුන්ක්වා ප්‍රාන්තයේ ෂංග්ලා නමැති ගම්මා­නයේ පදිං­චිව සිටි මලාලා යූසු­ෆ්සායි නැවත සිය ගම්මා­නය වෙත පැමි­ණී­මෙන් පසු සමාජ මාධ්‍ය­ජා­ල­යට ඡායා­රූ­ප­යක් ද නිකුත් කර තිබූ බව වාර්තා වේ.

මලාලා යූසු­ෆ්සායි සිය පියා, සැමියා සහ සොහො­යුරා සමඟ හෙලි­කො­ප්ට­ර­ය­කින් සිය ගම්මා­නය වෙත පැමිණි බවත්, ඇගේ මේ කෙටි සංචා­රය අත­ර­තුර පවුලේ ඥාතීන් දැක බලා­ගැ­නී­මට සහ ඇය විසින් ආරම්භ කරනු ලැබූ මලාලා පද­නම මගින් ඉදි කළ ෂංග්ලා කාන්තා උසස් විදු­හල නැර­ඹී­මට ගිය බවත් වාර්තා වේ. ඇගේ සංචා­රය සඳහා දැඩි ආර­ක්ෂා­වක් යොදා තිබූ බව ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here