Home World News Room : දින දෙක­කදී ටිබෙට් දේශයේ භූ කම්පන දෙකක්

News Room : දින දෙක­කදී ටිබෙට් දේශයේ භූ කම්පන දෙකක්

0
0

අඛ­ණ්ඩව දින දෙක­කදී ටිබේට් දේශයේ භූ කම්පන දෙකක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසු­ගිය සෙන­සු­රාදා ටිබේට් දේශයේ ඩින්ගේ ප්‍රාන්තයේ ඉන්දීය වේලා­වෙන් පස්වරු 2.20ට රිච්ටර් මාප­කයේ 5.2ක භූ කම්ප­න­යක් සිදුවී ඇතැයි ද, ඊයේ අලු­යම 2.30ට බැංලන්ග් දිස්ත්‍රි­ක්කයේ සිදුවූ භූ කම්ප­නය රිච්ටර් මාප­කයේ 4.0ක අග­යක් සට­හන් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. එම භූ කම්පන ද්විත්ව­යෙන් ජීවිත හානි හෝ දේපළ හානි වාර්තා වී නැති බවද විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

භූ කම්පන සඳහා වඩාත් නිරා­ව­ර­ණය වූ ටිබෙට් සහ නේපාල දේශ­සී­මාව ආස­න්නයේ මේ වසරේ ජන­වා­රි­යේදී සිදුවූ රිච්ටර් මාප­කයේ 7.1ක අග­යක්සට­හන් කළ භූ කම්ප­න­යෙන් පුද්ග­ල­යන් 126 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වූ අතර, තවත් විශාල පිරි­සක් තුවාල ලබා තිබිණි.

භූ කම්ප­න­යෙන් අව­තැන් වූ ගම්මාන අටක 1,20,000කට අධික ජන­තාව නැවත පදිංචි කිරීම සඳහා චීනය මේ වන­විට පිය­වර ගනි­මින් සිටින බවත්, මේ වසර අව­සා­න­යේදී ඔවුන්ට නව නිවාස ලබා­දී­මට චීනය අපේක්ෂා කරන බවත් වැඩි­දු­ර­ටත් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here