9
අඛණ්ඩව දින දෙකකදී ටිබේට් දේශයේ භූ කම්පන දෙකක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය සෙනසුරාදා ටිබේට් දේශයේ ඩින්ගේ ප්‍රාන්තයේ ඉන්දීය වේලාවෙන් පස්වරු 2.20ට රිච්ටර් මාපකයේ 5.2ක භූ කම්පනයක් සිදුවී ඇතැයි ද, ඊයේ අලුයම 2.30ට බැංලන්ග් දිස්ත්‍රික්කයේ සිදුවූ භූ කම්පනය රිච්ටර් මාපකයේ 4.0ක අගයක් සටහන් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. එම භූ කම්පන ද්විත්වයෙන් ජීවිත හානි හෝ දේපළ හානි වාර්තා වී නැති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
භූ කම්පන සඳහා වඩාත් නිරාවරණය වූ ටිබෙට් සහ නේපාල දේශසීමාව ආසන්නයේ මේ වසරේ ජනවාරියේදී සිදුවූ රිච්ටර් මාපකයේ 7.1ක අගයක්සටහන් කළ භූ කම්පනයෙන් පුද්ගලයන් 126 දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබිණි.
භූ කම්පනයෙන් අවතැන් වූ ගම්මාන අටක 1,20,000කට අධික ජනතාව නැවත පදිංචි කිරීම සඳහා චීනය මේ වනවිට පියවර ගනිමින් සිටින බවත්, මේ වසර අවසානයේදී ඔවුන්ට නව නිවාස ලබාදීමට චීනය අපේක්ෂා කරන බවත් වැඩිදුරටත් වාර්තා වේ.