Home Sport News Room : නව­සී­ලන්ත කාන්තා පිල එක්දින තර­ගා­ව­ලිය ජය ගනියි

News Room : නව­සී­ලන්ත කාන්තා පිල එක්දින තර­ගා­ව­ලිය ජය ගනියි

0
0

සංචා­රක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩා­යම සමඟ පැවති තරග 3කින් සම­න්විත එක්දින ක්‍රිකට් තර­ගා­ව­ලිය 2-0ක් ලෙස ජය ගැනී­මට සත්කා­රක නව­සී­ලන්ත ක්‍රීඩි­කාවෝ ඊයේ සමත් වූහ. සැක්ස්ටන් ඕවල් ක්‍රීඩාං­ග­ණ­යේදී පැවති තෙවැනි තර­ග­යේදී නව­සී­ලන්ත ක්‍රීඩි­කාවෝ ලකුණු 98ක ජය­ග්‍ර­හ­ණ­යක් වාර්තා කළහ. පළ­මු­ව පන්දු­වට පහර දුන් නව­සී­ලන්ත ක්‍රීඩි­කාවෝ කඩුලු 6ක් දැවී ලකුණු 280ක් ලබා­ගත් අතර, ශ්‍රී ලංකා ක්‍රීඩි­කාවෝ ලකුණු 182කට දැවී ගියහ.

විශ්මි ගුණ­රත්න, චමරි අත­පත්තු හා හර්ෂිතා සම­ර­වි­ක්‍රම යන පිති­කා­රි­නි­යන් තිදෙනා ලකුණු 23ක් වෙද්දී ක්‍රීඩා­ගා­ර­යට ගිය අතර, කවීෂා දිල්හාරි හා නිලක්ෂි ද සිල්වා ලකුණු 45 බැගින් රැස් කළහ.

නව­සී­ලන්ත ආර­ම්භක පිති­කා­රි­නි­යන් වූ ජෝජියා පිල්මි­යර් ලකුණු 112ක් හා සුසී බේට්ස් ලකුණු 53 ලබා­ගත් අතර, සුග­න්ධිකා කුමාරි ලකුණු 70කට කඩුලු 3ක් බිඳ­හෙ­ළීය.

නව­සී­ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩා­යම කඩුලු 6ක් දැවී ලකුණු 280 (ඕවර 50) ජෝජියා පිලි­මර් 112, සුසී බේට්ස් 53 (සුග­න්ධිකා කුමාරි 70/3)

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩා­යම සියලු දෙනා දැවී ලකුණු 182 (ඕවර 50) කවීෂා දිල්හාරි 45, නිල­ක්ෂිකා සිල්වා 45, අනුෂ්කා සංජී­වනී 23 (ජෙස් කර්ර් 22/3, ෆ්‍රාන් ජෝන්ස් 40/3, ඉඩින් කාර්සන් 29/2)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here