Home Politics News Room : පළාත් පාලන මැති­ව­ර­ණ­යට ඡන්ද දාය­ක­යෝ මිලි­යන 17ක්

News Room : පළාත් පාලන මැති­ව­ර­ණ­යට ඡන්ද දාය­ක­යෝ මිලි­යන 17ක්

0
0

මෙවර පළාත් පාලන මැති­ව­ර­ණය සඳහා ඡන්ද දාය­ක­යන් මිලි­යන 17ක් සංඛ්‍යා­වක් සුදු­සු­කම් ලබා ඇතැයි මැති­ව­රණ කොමි­සම පව­සයි.

පළාත් පාලන ආය­තන 336ක් සඳහා ඡන්ද දාය­ක­යන් 17,296,330ක් සුදු­සු­කම් ලබා ඇති බව පසු­ගි­යදා මැති­ව­රණ කොමි­සමේ නිල­ධා­රින් සහ දිස්ත්‍රිත් තේරීම් භාර නිල­ධා­රින්, නියෝජ්‍ය සහ සහ­කාර මැති­ව­රණ කොම­සා­රි­ස්ව­රුන් අතර පැවැති සාක­ච්ඡා­ව­කදී පෙන්වා දී තිබේ.

මෙවර 150,000කට අලු­තින් ඡන්ද අයි­තිය ලැබී තිබෙන අතර මෙවර පළාත් පාලන මැති­ව­ණ­ර­ණ­යේදී ඡන්දය භාවිත කිරී­මට සුදු­සු­කම් ලබා ඇති ඡන්ද දාය­ක­යන් සංඛ්‍යාව ඉකුත් මහ මැති­ව­ර­ණ­යට සාපෙ­ක්ෂව ඉහළ ගොස් ඇතැයි මැති­ව­රණ කොමි­සම පව­සයි.

එය පසු­ගිය ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට සහ මහා මැති­ව­ර­ණ­යට වඩා ඡන්ද දාය­ක­යන් 155,976ක වැඩි වීමක් වේ. 2025 ජන­වාරි 31 වැනි දා දක්වා කාලය තුළ වයස අවු­රුදු 18 සම්පූර්ණ වන පිරිස මෙවර පළාත් පාලන මැති­ව­ර­ණ­යට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදු­සු­කම් ලබන බව මැති­ව­රණ කොමි­සමේ අධ්‍යක්ෂ ජන­රාල් සමන් ශ්‍රී රත්නා­යක මහතා පැවැ­සීය.

2025 පළාත් පාලන මැති­ව­ර­ණය සඳහා ඇප මුදල් තැන්පත් කිරී­මට මාර්තු 3 වැනි දා සිට මාර්තු 19 වැනි දා දහ­වල් 12.00 දක්වා කාලය ලබා දී ඇත. නාම යෝජනා භාර ගැනීම 2025 මාර්තු 17 වැනි දා සිට මාර්තු 19 වැනි දා දක්වා පෙර­වරු 8.30 සිට පස්වරු 4.15 දක්වා සහ මාර්තු 20 වැනි දා දහ­වල් 12.00 දක්වා නාම යෝජනා භාර ගැනී­මට නිය­මි­තය.

මාර්තු 13 පෝය දිනයේ සහ මාර්තු 8, 9, 15 සහ 16 යන සෙන­සු­රාදා, ඉරිදා දින­වල ඇප තැන්පත් භාර නොගන්නා බවත් පළාත් පාලන මැති­ව­ර­ණය සඳහා තැපැල් ඡන්ද අයැ­දු­ම්පත් භාර­ගැ­නීම ලබන 12 වැනිදා මධ්‍යම රාත්‍රී 12න් අව­සන් වන බවත් කොමි­සම පැවැ­සීය.

පළාත් පාලන ඡන්ද විම­සීම පැවැ­ත්වෙන දිනය මෙතෙක් නිශ්චි­තව තීර­ණය කර නොමැති බවත් නාම යෝජනා භාර­ගැ­නී­මෙන් අන­තු­රුව ඡන්ද විම­සීම පැවැ­ත්වෙන දිනය ප්‍රකා­ශ­යට පත් කරන බවත් මැති­ව­රණ කොමි­ෂන් සභාවේ සභා­පති ආර්. එම්. ඒ. එල්. රත්නා­යක මහතා දින­මිණ සිදු කළ විම­සී­ම­කට පිළි­තුරු දෙමින් සඳ­හන් කළේ ය.

අව­සන් වරට පළාත් පාලන මැති­ව­ර­ණ­යක් පව­ත්වන ලද්දේ, 2018 වසරේ පෙබ­ර­වාරි 10 වැනි දින වේ.

මේ අතර මැති­ව­ර­ණයේ ආර­ක්ෂක කට­යුතු සම්බ­න්ධ­යෙන් වැඩ­බ­ලන පොලි­ස්ප­ති­ව­රයා සමඟ පසු­ගිය 6දා සාක­ච්ඡා­වක් පව­ත්වනු ලැබීය.

සුභා­ෂිණී සේනා­නා­යක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here