10
මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඡන්ද දායකයන් මිලියන 17ක් සංඛ්‍යාවක් සුදුසුකම් ලබා ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.
පළාත් පාලන ආයතන 336ක් සඳහා ඡන්ද දායකයන් 17,296,330ක් සුදුසුකම් ලබා ඇති බව පසුගියදා මැතිවරණ කොමිසමේ නිලධාරින් සහ දිස්ත්‍රිත් තේරීම් භාර නිලධාරින්, නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අතර පැවැති සාකච්ඡාවකදී පෙන්වා දී තිබේ.
මෙවර 150,000කට අලුතින් ඡන්ද අයිතිය ලැබී තිබෙන අතර මෙවර පළාත් පාලන මැතිවණරණයේදී ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයන් සංඛ්‍යාව ඉකුත් මහ මැතිවරණයට සාපෙක්ෂව ඉහළ ගොස් ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.
එය පසුගිය ජනාධිපතිවරණයට සහ මහා මැතිවරණයට වඩා ඡන්ද දායකයන් 155,976ක වැඩි වීමක් වේ. 2025 ජනවාරි 31 වැනි දා දක්වා කාලය තුළ වයස අවුරුදු 18 සම්පූර්ණ වන පිරිස මෙවර පළාත් පාලන මැතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබන බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවැසීය.
2025 පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට මාර්තු 3 වැනි දා සිට මාර්තු 19 වැනි දා දහවල් 12.00 දක්වා කාලය ලබා දී ඇත. නාම යෝජනා භාර ගැනීම 2025 මාර්තු 17 වැනි දා සිට මාර්තු 19 වැනි දා දක්වා පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා සහ මාර්තු 20 වැනි දා දහවල් 12.00 දක්වා නාම යෝජනා භාර ගැනීමට නියමිතය.
මාර්තු 13 පෝය දිනයේ සහ මාර්තු 8, 9, 15 සහ 16 යන සෙනසුරාදා, ඉරිදා දිනවල ඇප තැන්පත් භාර නොගන්නා බවත් පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත් භාරගැනීම ලබන 12 වැනිදා මධ්‍යම රාත්‍රී 12න් අවසන් වන බවත් කොමිසම පැවැසීය.
පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය මෙතෙක් නිශ්චිතව තීරණය කර නොමැති බවත් නාම යෝජනා භාරගැනීමෙන් අනතුරුව ඡන්ද විමසීම පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා දිනමිණ සිදු කළ විමසීමකට පිළිතුරු දෙමින් සඳහන් කළේ ය.
අවසන් වරට පළාත් පාලන මැතිවරණයක් පවත්වන ලද්දේ, 2018 වසරේ පෙබරවාරි 10 වැනි දින වේ.
මේ අතර මැතිවරණයේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයා සමඟ පසුගිය 6දා සාකච්ඡාවක් පවත්වනු ලැබීය.
සුභාෂිණී සේනානායක