Home World News Room : බංග්ලා­දේ­ශයේ තහ­නම් සංවි­ධාන රැලි­ය­කට පොලී­සි­යෙන් කඳු­ළු­ ගෑස් ප්‍රහාර

News Room : බංග්ලා­දේ­ශයේ තහ­නම් සංවි­ධාන රැලි­ය­කට පොලී­සි­යෙන් කඳු­ළු­ ගෑස් ප්‍රහාර

0
0

බංග්ලා­දේ­ශයේ තහ­නම් කරනු ලැබූ අන්ත­වාදී ඉස්ලා­මීය කණ්ඩා­ය­මක් විසින් පව­ත්වනු ලැබූ රැලි­යක් විසු­රුවා හැරී­මට පොලී­සිය කඳුළුගෑස් සහ බැටන් පොලු භාවිත කිරීම හේතු­වෙන් ප්‍රචණ්ඩ ක්‍රියා පැතිරී ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඩකා අග­නු­වර බයි­තුල් මුක­රම් නමැති ප්‍රදේ­ශයේ පවත්වා ඇති එම රැලි­යට දහස් සංඛ්‍යාත පිරි­සක් එක්වී සිටි බවත්, එය විසු­රුවා හැරී­මේදී සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා­ව­ලින් බොහෝ දෙනකු තුවාල ලැබූ බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. වසර 2009 බංග්ලා­දේශ ත්‍රස්ත විරෝධී පනත යටතේ තහ­නම් සංවි­ධාන විසින් පව­ත්වනු ලබන ඕනැම ආකා­ර­යක රැස්වී­මක්, පා ගම­නක්,පෝස්ටර සහ අත් පත්‍රිකා බෙදා හැරී­මක් හෝ ප්‍රව­ර්ධන කට­යුතු අප­රාධ නීතිය යටතේ වර­දක් වන බැවින් තහ­නම් කර ඇති හිස්බුට් ටහ්රීර් නමැති එම සංවි­ධා­නයේ රැලිය විසු­රුවා හැරී­මට පොලීසිය පිය­වර ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි. ඉදි­රි­යේදී නැවත මෙවැනි පා ගමන් සිදු කරන්නේ නම් නීති­මය ක්‍රියා­මාර්ග ගන්නා බවට පොලි­සිය එම සංවි­ධා­න­යට දැනුම් දී ඇතැයි ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here