21
තම හිටපු පෙම්වතියගේ මවුපියන්ට පහර දී ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ අමෙරිකාවේ දකුණු කැරොලිනා ප්‍රාන්තයේ පුද්ගලයකුට එරෙහිව පසුගියදා මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බ්‍රැඩ් සිග්මන් නමැති 67 හැවිරිදි මේ පුද්ගලයාගේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරමින් ඔහු වෙඩි තබා මරා දැමිය යුතු බවත්, අමෙරිකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කරනු ලැබුවේ වසර 15ට පසුව බවත් දකුණු කැරොලිනා ප්‍රාන්තයේ අධිකරණ දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තිදෙනකු විසින් අඩි 15ක දුරින් සිට වෙඩි තැබීම සිදු කර ඇතැයි ද, ඒ සඳහා විශේෂිත උණ්ඩ භාවිත කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
බ්‍රැඩ් සිග්මන්ට මරණ දඬුවම නියම වූයේ ඔහු මීට වසර 24කට පෙර එනම්, 2001 වසරේදී එවකට සිය පෙම්වතියගේ මවුපියන්ට බේස්බෝල් පිත්තකින් පහරදී ඝාතනය කිරීමේ වරදට වන අතර, එම ඝාතන සිදු කිරීමෙන් පසු තුවක්කුවක් පෙන්වා බිය වද්දා පෙම්වතිය ද පැහැරගෙන ගොස් වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ දැරූ බවට ද වාර්තා වේ.