Home World News Room : වසර 51කට පසු ඔස්ට්‍රේ­ලි­යා­වට දරුණු සුළි කුණා­ටු­වක්

News Room : වසර 51කට පසු ඔස්ට්‍රේ­ලි­යා­වට දරුණු සුළි කුණා­ටු­වක්

0
0

ඔස්ට්‍රේ­ලි­යාවේ නිව්ස­වු­ත්වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත­ව­ලට බලපෑ ඇල්ෆ්‍රඩ් සුළි කුණා­ටුව ලක්ෂ තුන­කට අධික ජන­තාව අඳු­රට ඇද දමා ඇතැයි ද, නිවාස, මහා­මාර්ග සහ රථ­වා­හන විශාල සංඛ්‍යා­වක් විනා­ශ­යට පත් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙවැනි සුළි කුණා­ටු­වක් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත­යට කඩා වැදී ඇත්තේ වසර 51කට පසුව බව ද වාර්තා වේ.

නැඟෙ­න­හිර වෙරළ තීර­යෙන් තීර­යෙන් කඩා වැදුණු සුළි කුණා­ටු­වෙන් බ්‍රිස්බේන් නුව­රට සහ ගෝල්ඩ් කෝස්ට් නුව­රට දැඩි බල­පෑම් එල්ල වී ඇති අතර, ගුව­න්ග­මන් වාර අත්හි­ටු­වී­මට හෝ ප්‍රමාද කිරී­මට සිදුවූ බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. ඊයේ වන­විට සුළි කුණාටු තත්ත්වය තර­මක් තුරන් වූවත්, අධික සුළං තත්ත්ව­යත් සමඟ ඊයේ උදෑ­සන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ නගර රැස­කට අඛ­ණ්ඩව පැය 6ක් ඇදවැටුණු ධාරා­නි­පාත වර්ෂාව හේතු­වෙන් ගංව­තුර තත්ත්ව­යක් උද්ගත වී ඇතැයි ද වාර්තා වේ. පව­තින තත්ත්වය මත එම ප්‍රාන්තයේ රජයේ පාසල් 426ක් අද දිනයේ වසා දැමී­මට තීර­ණය වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

ඇල්ෆ්‍රඩ් සුළි කුණා­ටුව කඩාවැදුණු පෙරේදා දින­යේදී ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පුද්ග­ල­යකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇති අතර, විප­තට පත්වූ­වන්ට සහන සැල­සී­මට යොදවා සිටි හමුදා සෙබ­ළුන් පිරි­සක් මාර්ග අන­තු­ර­කට ලක්වී­මෙන් 13 දෙනකු තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here