14
අයිසීසී කුසලාන හතරක් දිනාගත් එකම ඉන්දියානු ක්‍රීඩකයන් දෙදෙනා වූ රෝහිත් ෂර්මා සහ විරාත් කෝලි යන සමීප මිතුරන් දෙදෙනා නවසීලන්තයට එරෙහි ජයග්‍රහණය අද්විතීය ආකාරයකින් පෙරේදා සැමරූහ.
ඩුබායි තණතිල්ලේ යොදාගත් කඩුල්ල අතට ගෙන ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් ආරම්භ වූ සහ දකුණු ඉන්දියාවේ නවරාත්‍රි උත්සවයේදී ජනප්‍රිය ‘දණ්ඩියා’ ජන නර්තන ක්‍රීඩා කරමින් ජයග්‍රහණය සැමරීම කාගේත් අවධානයට ලක් විය.
මේ වීඩියෝව දැන් සමාජ මාධ්‍යවල වයිරල් වෙමින් පවතින අතර, ඉන්දීය කණ්ඩායමේ ප්රබලතම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දෙදෙනා කුඩා දරුවන් මෙන් කඩුල්ල ඔසවා දණ්ඩියා ක්‍රීඩා කිරීම ආකර්ෂණීය අවස්ථාවක් විය. විරාත් – රෝහිත් දණ්ඩියා නර්තනය ඉදිරිපත් කිරීම ලොව පුරා රසිකයන්ගේ හදවත් දිනාගත් අවස්ථාවකි.
මේ අතර, ඉදිරි වසර අටේදී ක්‍රිකට් ලෝකය පාලනය කිරීමට ඉන්දියාව සූදානම් බව විරාට් කෝලි තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.
“අපිට දැන් තියෙන කණ්ඩායමත් එක්ක ඉදිරි අවුරුදු 8ක් 10ක් ක්‍රිකට් පාලනය කරන්න අපි සූදානම්. ඔස්ට්‍රේලියාවේ දුෂ්කර සංචාරයකින් පසු අපට නැවත නැඟී සිටීමට අවශ්‍ය වුණා. අපිට ලොකු තරගාවලියක් දිනන්න ඕන වුණා. අන්තිමට අපිට ඒක කරන්න පුළුවන් වුණා. දැන් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් ගොඩක් ඉන්නවා. ඔවුන්ට අවශ්‍ය ඉදිරියට යාමටයි. ජ්‍යෙෂ්ඨයන් ලෙස ඔවුන් සමඟ අත්දැකීම් බෙදා ගැනීම නිසයි ඉන්දීය කණ්ඩායම මෙතරම් ශක්තිමත් වෙලා තියෙන්නේ” කෝලි පැවසීය.
ප්රින්ස් ගුණසේකර