Home Sport News Room : ‘දණ්ඩියා’ ජන ක්‍රීඩා­වෙන් යහ­ළුවො දෙන්නා ජය සම­රති

News Room : ‘දණ්ඩියා’ ජන ක්‍රීඩා­වෙන් යහ­ළුවො දෙන්නා ජය සම­රති

0
0

අයි­සීසී කුස­ලාන හත­රක් දිනා­ගත් එකම ඉන්දි­යානු ක්‍රීඩ­ක­යන් දෙදෙනා වූ රෝහිත් ෂර්මා සහ විරාත් කෝලි යන සමීප මිතු­රන් දෙදෙනා නව­සී­ල­න්ත­යට එරෙහි ජය­ග්‍ර­හ­ණය අද්වි­තීය ආකා­ර­ය­කින් පෙරේදා සැම­රූහ.

ඩුබායි තණ­තිල්ලේ යොදා­ගත් කඩුල්ල අතට ගෙන ඉන්දි­යාවේ ගුජ­රාට් ප්‍රාන්ත­යෙන් ආරම්භ වූ සහ දකුණු ඉන්දි­යාවේ නව­රාත්‍රි උත්ස­ව­යේදී ජන­ප්‍රිය ‘දණ්ඩියා’ ජන නර්තන ක්‍රීඩා කර­මින් ජය­ග්‍ර­හ­ණය සැම­රීම කාගේත් අව­ධා­න­යට ලක් විය.

මේ වීඩි­යෝව දැන් සමාජ මාධ්‍ය­වල වයි­රල් වෙමින් පව­තින අතර, ඉන්දීය කණ්ඩා­යමේ ප්‍රබ­ල­තම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩ­ක­යන් දෙදෙනා කුඩා දරු­වන් මෙන් කඩුල්ල ඔසවා දණ්ඩියා ක්‍රීඩා කිරීම ආක­ර්ෂ­ණීය අව­ස්ථා­වක් විය. විරාත් – රෝහිත් දණ්ඩියා නර්ත­නය ඉදි­රි­පත් කිරීම ලොව පුරා රසි­ක­යන්ගේ හද­වත් දිනා­ගත් අව­ස්ථා­වකි.

මේ අතර, ඉදිරි වසර අටේදී ක්‍රිකට් ලෝකය පාල­නය කිරී­මට ඉන්දි­යාව සූදා­නම් බව විරාට් කෝලි තර­ග‍යෙන් අන­තු­රුව පැවති මාධ්‍ය හමු­වේදී පැව­සීය.

“අපිට දැන් තියෙන කණ්ඩා­ය­මත් එක්ක ඉදිරි අවු­රුදු 8ක් 10ක් ක්‍රිකට් පාල­නය කරන්න අපි සූදා­නම්. ඔස්ට්‍රේ­ලි­යාවේ දුෂ්කර සංචා­ර­ය­කින් පසු අපට නැවත නැඟී සිටී­මට අවශ්‍ය වුණා. අපිට ලොකු තර­ගා­ව­ලි­යක් දිනන්න ඕන වුණා. අන්ති­මට අපිට ඒක කරන්න පුළු­වන් වුණා. දැන් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩ­ක­යන් ගොඩක් ඉන්නවා. ඔවුන්ට අවශ්‍ය ඉදි­රි­යට යාම­ටයි. ජ්‍යෙෂ්ඨ­යන් ලෙස ඔවුන් සමඟ අත්දැ­කීම් බෙදා ගැනීම නිසයි ඉන්දීය කණ්ඩා­යම මෙත­රම් ශක්ති­මත් වෙලා තියෙන්නේ” කෝලි පැව­සීය.

 

ප්රින්ස් ගුණ­සේ­කර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here