11
තුන්වැනි පාර්ශ්ව රටක් හරහා නීති විරෝධී ලෙස නිෂ්පාදන මෙහෙයවමින් අමෙරිකානු වෙළෙඳ නීති මඟහරින සමාගම්වලට එරෙහිව පරික්ෂණ පවත්වන ලෙස එරට නීතිපතිවරයාට සහ අභ්‍යන්තර ආරක්ෂක ලේකම්වරයාට ලිපි යොමු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම ලිපිය යොමු කර ඇත්තේ චීන ක්‍රියාකාරකම් පිළිබඳ සොයා බැලීමේ විශේෂ කමිටුවක් විසින් බවත්, එම කමිටුවේ සභාපති ජෝන් මූලනාර් සහ සාමාජික රාජා ක්‍රිෂ්ණමූර්ති එම ඉල්ලීම ඉදිරිපත් කර ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
රටවල් අතර පවතින වෙළෙඳ සීමා කිරිම් සහ තහනම් කිරීම් මඟහැරීමට තුන්වැනි රටක් හරහා භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ හැකියාව ඇති ප්‍රතිනැව්ගත කිරීම භාවිත කරමින් චීන සමාගම් නීති විරෝධී වෙළෙඳ ක්‍රියාකාරකම්වල නිරතව සිටින බවත්, අමෙරිකානු වෙළෙඳ ක්ෂේත්රයට තර්ජනයක් එල්ල වන එවැනි විදේශීය වෙළෙඳ උපක්‍රම විමර්ශනයකට ලක් විය යුතු බවත් එම ලිපියෙන් ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.