Home Sport News Room : මොරටු රන් සට­නේ එක්දින ශූරයෝ වේල්ස් කුමර

News Room : මොරටු රන් සට­නේ එක්දින ශූරයෝ වේල්ස් කුමර

0
0

මොර­ටුව වේල්ස් කුමර විදු­හල සහ සාන්ත සෙබ­ස්ති­යන් විදු­හල අතර මොරටු රන් සටන වාර්ෂික මහා ක්‍රිකට් තර­ග­යට සම­ගා­මීව 40 වැනි වරට පැවති වාර්ෂික එක්දින ක්‍රිකට් තර­ගය ලකුණු 105කින් ජය ගැනී­මට වේල්ස් කුමර විදු­හල සමත් වූ අතර, දෙපිල අතර ඊයේ පැවති තෙවැනි වාර්ෂික විස්සයි20 තර­ගය ලකුණු 89කින් ජය ගැනී­මට සාන්ත සෙබ­ස්ති­යන් විදු­හල සමත් විය.

මොර­ටුව ද සොයිසා ක්‍රීඩාං­ග­ණ­යේදී ඊයේ පැවති විස්සයි20 තර­ගයේ පළ­මුව පන්දු­වට පහර දෙමින් සාන්ත සෙබ­ස්ති­යන් පිල දුන් ලකුණු 172ක ඉල­ක්කය හමුවේ වේල්ස් කුම­ර­යට ඕවර 20 අව­සා­නයේ කඩුලු 7ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 82ක් පමණි.

සුවස් මෙන්ඩිස් ලකුණු 30ක් රැස් කර­මින් වේල්ස් කුමර පිළි­තුරු ඉනිමේ වැඩිම ලකු­ණු­ලා­භියා වූ අතර, පන්දු යැවී­මේදී අදේශ් අල්මේදා කඩුලු 4ක් බිඳ දැමීය.

සාන්ත සෙබ­ස්ති­යන් පිල වෙනු­වෙන් උෂෙන් සිල්වා (64) සහ නායක රයන් දිසා­නා­යක (නොදැවී 57) අර්ධ ශතක රැස් කළ අතර, පන්දු යැවී­මේදී රුසඳු සිල්වා සහ ගවේෂ් රෝහණ කඩුලු 2 බැඟින් දවා ගත්හ.

පෙරේදා පැවති එක්දින තර­ග­යේදී වේල්ස් කුමර පිල පළ­මුව පන්දු­වට පහර දෙමින් කඩුලු 7කට ලකුණු 224ක් රැස් කළ අතර, සාන්ත සෙබ­ස්ති­යන් පිලට පිළි­තුරු ලෙස සිය­ල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 119ක් පමණි.

ගවේෂ් ප්‍රනාන්දු (57), නෙතුල් අනු­හස් (26/4) වේල්ස් කුම­රය වෙනු­වෙන් දස්කම් දැක්වූ අතර, අදේශ් අල්මේදා (28/4) සාන්ත සෙබ­ස්ති­යන් පිල වෙනු­වෙන් පන්දු­වෙන් දස්කම් දැක්වීය.

නෙතුල් අනු­හස් (වේල්ස් කුමර) එක්දින තර­ගයේ වීරයා ලෙසත්, රයන් දිසා­නා­යක (සා. බෙස්ති­යන්) විස්සයි20 තර­ගයේ වීරයා ලෙසත් සම්මාන දිනා ගත්හ.

 

නිරෝ­ෂාන් ප්රියං­කර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here