16
වැටුප් වර්ධක ඉල්ලා ජර්මනියේ ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩල ඊයේ දීපව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයක් ආරම්භ කිරීමෙන් ගුවන් ගමන් 1,770ක් අවලංගු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බර්ලින් ඇතුළු ප්‍රධාන නගරවල පිහිටි ගුවන්තොටුපොළ සියල්ලේහිම පැමිණීමේ සහ පිටත්වීමේ ගුවන් ගමන් අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. ෆ්රැන්ක්ෆර්ට් ඇතුළු ගුවන්තොටුපොළ 13ක කාර්ය මණ්ඩල වැඩවර්ජනයට එක්වී සිටි අතර, පවතින තත්ත්වය හේතුවෙන් මියුනිච් ගුවන්තොටුපොළේ තවත් ගුවන් ගමන් 820ක් පමණ අවලංගු කිරීමට සිදුවනු ඇතැයි ද වාර්තා වේ.
8%ක වැටුප් වර්ධකයක් හෝ යුරෝ 350ක වැටුප් වර්ධකයක් ඉල්ලා ගුවන්තොටුපොළ වෘත්තිය සමිති ආරම්භ කළ එම
වැඩ වර්ජනය හේතුවෙන් ලක්ෂ 5කට අධික ගුවන් මගීන් සංඛ්‍යාවක් දුෂ්කරතාවට පත්ව ඇති අතර, ගුවන්තොටුපොළ වෙත යෑමෙන් වළකින ලෙස එරට ගුවන් සේවා බලධාරින් සියලු මගීන්ට දැනුම් දී ඇතැයි වාර්තා වේ. නිවාඩු සමය ආරම්භයේදී කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව වැඩ වර්ජනයක් ආරම්භ කිරීම ගැන ගුවන්තොටුපොළ වෘත්තිය සමිතිවලට දැඩි චෝදනා එල්ල වී ඇතැයි ද වාර්තා වේ.