3
සමගි ජන බලවේගයේ කොළඹ පුරපති අපේක්ෂකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා ඉදිරිපත් කිරීමට යෝජනා වී තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ කොළඹ පුරපති ධුරය සඳහා එරාන් වික්‍රමරත්න මහතා නම් කිරිමට බොහෝ දුරට ඉඩ ඇති බවය.
“දේශපාලන සංස්ථාපිතය භාවිතාව පිළිබඳ කලකිරීමෙන් ජනතාව ජාතික ජන බලවේගයට ඡන්දය දුන් බව පැහැදිලියි. වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තම යුතුකම් ඉටුකර නැහැ. එය කරන්නේ කොහොමද කියලා ඔවුන්ට අවබෝධයක් නැති බව පෙන්නුම් කර තිබෙනවා” ඇය පැවසුවාය.
“කාන්තාවක් ලෙස, ජාතික ජන බලවේගය විසින් කාන්තා අපේක්ෂිකාවක නම්කර ඇති බව අසා මම සතුටු වෙනවා. කොහොම වුණත්, තවමත් නිල තහවුරු කිරීමක් සිදුකර නොමැති වුවත්, හිටපු ඇමැති එරාන් වික්‍රමරත්න අපගේ අපේක්ෂකයා වනු ඇතැයි මම විශ්වාස කරනවා. ඔහු ඉතා සුදුසුකම් ලත් සහ මහජනතාව විසින් පිළිගනු ලැබූ චරිතයක්” යැයි ඇය සඳහන් කළාය.
කොළඹ මහනගර සභාවේ පුරපතිවරයාගේ භූමිකාව වෙනුවෙන් ශක්තිමත් අන්තර්ජාතික සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතා අවශ්‍ය බවද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පෙන්වා දුන්නාය.
රක්ෂණ ශ්රියන්ත