Home Politics News Room : සජබෙන් කොළඹ පුර­පති අපේ­ක්ෂ­කකමට එරාන් වික්‍ර­ම­රත්න

News Room : සජබෙන් කොළඹ පුර­පති අපේ­ක්ෂ­කකමට එරාන් වික්‍ර­ම­රත්න

0
0

සමගි ජන බල­වේ­ගයේ කොළඹ පුර­පති අපේ­ක්ෂ­කයා ලෙස හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී එරාන් වික්‍ර­ම­රත්න මහතා ඉදි­රි­පත් කිරී­මට යෝජනා වී තිබේ.

හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රිනී හිරු­ණිකා ප්‍රේම­චන්ද්‍ර මහ­ත්මිය ඊයේ (10) පැවති මාධ්‍ය හමු­ව­කට එක්වෙ­මින් කියා සිටියේ කොළඹ පුර­පති ධුරය සඳහා එරාන් වික්‍ර­ම­රත්න මහතා නම් කිරි­මට බොහෝ දුරට ඉඩ ඇති බවය.

“දේශ­පා­ලන සංස්ථා­පි­තය භාවි­තාව පිළි­බඳ කල­කි­රී­මෙන් ජන­තාව ජාතික ජන බල­වේ­ග­යට ඡන්දය දුන් බව පැහැ­දි­ලියි. වත්මන් පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් තම යුතු­කම් ඉටු­කර නැහැ. එය කරන්නේ කොහො­මද කියලා ඔවුන්ට අව­බෝ­ධ­යක් නැති බව පෙන්නුම් කර තිබෙ­නවා” ඇය පැව­සු­වාය.

“කාන්තා­වක් ලෙස, ජාතික ජන බල­වේ­ගය විසින් කාන්තා අපේ­ක්ෂි­කා­වක නම්කර ඇති බව අසා මම සතුටු වෙනවා. කොහොම වුණත්, තව­මත් නිල තහ­වුරු කිරී­මක් සිදු­කර නොමැති වුවත්, හිටපු ඇමැති එරාන් වික්‍ර­ම­රත්න අපගේ අපේ­ක්ෂ­කයා වනු ඇතැයි මම විශ්වාස කර­නවා. ඔහු ඉතා සුදු­සු­කම් ලත් සහ මහ­ජ­න­තාව විසින් පිළි­ගනු ලැබූ චරි­ත­යක්” යැයි ඇය සඳ­හන් කළාය.

කොළඹ මහ­න­ගර සභාවේ පුර­ප­ති­ව­ර­යාගේ භූමි­කාව වෙනු­වෙන් ශක්ති­මත් අන්ත­ර්ජා­තික සහ රාජ්‍ය­තා­න්ත්‍රික සබ­ඳතා අවශ්‍ය බවද හිරු­ණිකා ප්‍රේම­චන්ද්‍ර පෙන්වා දුන්නාය.

රක්ෂණ ශ්රියන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here