Home Sport News Room : සාන්ත තෝමස් විදු­හ­ලට ඉති­හා­ස­ගත ජයක්

News Room : සාන්ත තෝමස් විදු­හ­ලට ඉති­හා­ස­ගත ජයක්

0
0

රාජ­කීය විද්‍යා­ලය විසින් වසර ගණ­නා­වක් අභී­තව ආරක්ෂා කර­ගත් අභි­මා­නය පසු­පස හඹා­ගිය ඔවුන්ගේ සාම්ප්‍ර­දා­යික ප්‍රති­වා­දීන් වන සාන්ත තෝමස් විද්‍යා­ලය එස්එස්සී පිටියේ පැවැති 146 වැනි නිල්මහ සට­නේදී සිය ප්‍රති­වා­දීන් විශ්ම­යට පත්ක­ර­ව­මින් එම තරග ඉති­හා­සයේ අපූර්ව ජයක් වාර්තා කළේය.

මෙහිදී ලකුණු 232ක ඉදි­රි­යක් සහි­තව, තර­ගයේ ජය වාර්තා කිරී­මට නම් පන්දු­වාර 42කදී එම ඉල­ක්කය සපු­රා­ලීමේ අසීරු අභි­යෝ­ග­යක් රාජ­කීය කණ්ඩා­යම විසින් තෝමස් කණ්ඩා­යම ඉදි­රියේ තබන ලදි.

කාසියේ වාසිය දිනා­ගත් සාන්ත තොමස් පිල මුලින් පන්දු­වට පහ­ර­දී­මට රාජ­කීය විද්‍යා­ල­යට ආරා­ධනා කළ අතර, පළමු ඉනි­මට ලකුණු 319ක් ලබා ගැනී­මට සමත් විය. සාන්ත තෝම­සු­වන් සිය පළමු ඉනිම වෙනු­වෙන් ලකුණු 302ක් ලබා­ගත් අතර, රාජ­කීය විද්‍යා­ලය දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 215ක් ලබා සිටි­යදී අත්හි­ටුවා සාන්ත තෝමස් පිලට ලකුණු 232ක ඉල­ක්ක­යක් ලබා දුන්නේය.

ධනා­ත්මක ආක­ල්ප­ය­කින් යුතුව පිටි­යට පිවිසි තෝම­සුවෝ පන්දු­වාර 41කට කඩුලු 5ක් දැවී ලකුණු 233ක් ලබා මේ ඓති­හා­සික ජය වාර්තා කළහ. මෙරට පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ මේ විශි­ෂ්ට­තම සටන බල­ග­න්වනු ලබන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සන්නි­වේ­දන සම්පා­ද­කයා වන ඩය­ලොග් ආසි­ආටා පී.එල්.සී. විසිනි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here