10
රාජකීය විද්‍යාලය විසින් වසර ගණනාවක් අභීතව ආරක්ෂා කරගත් අභිමානය පසුපස හඹාගිය ඔවුන්ගේ සාම්ප්‍රදායික ප්‍රතිවාදීන් වන සාන්ත තෝමස් විද්‍යාලය එස්එස්සී පිටියේ පැවැති 146 වැනි නිල්මහ සටනේදී සිය ප්‍රතිවාදීන් විශ්මයට පත්කරවමින් එම තරග ඉතිහාසයේ අපූර්ව ජයක් වාර්තා කළේය.
මෙහිදී ලකුණු 232ක ඉදිරියක් සහිතව, තරගයේ ජය වාර්තා කිරීමට නම් පන්දුවාර 42කදී එම ඉලක්කය සපුරාලීමේ අසීරු අභියෝගයක් රාජකීය කණ්ඩායම විසින් තෝමස් කණ්ඩායම ඉදිරියේ තබන ලදි.
කාසියේ වාසිය දිනාගත් සාන්ත තොමස් පිල මුලින් පන්දුවට පහරදීමට රාජකීය විද්‍යාලයට ආරාධනා කළ අතර, පළමු ඉනිමට ලකුණු 319ක් ලබා ගැනීමට සමත් විය. සාන්ත තෝමසුවන් සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 302ක් ලබාගත් අතර, රාජකීය විද්‍යාලය දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 215ක් ලබා සිටියදී අත්හිටුවා සාන්ත තෝමස් පිලට ලකුණු 232ක ඉලක්කයක් ලබා දුන්නේය.
ධනාත්මක ආකල්පයකින් යුතුව පිටියට පිවිසි තෝමසුවෝ පන්දුවාර 41කට කඩුලු 5ක් දැවී ලකුණු 233ක් ලබා මේ ඓතිහාසික ජය වාර්තා කළහ. මෙරට පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ මේ විශිෂ්ටතම සටන බලගන්වනු ලබන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී. විසිනි.