සිරියානු රජයේ හමුදාව සහ හිටපු නායක බෂාර් අල් අසාද්ගේ හිතවාදී සන්නද්ධ කණ්ඩායම් අතර ගැටුම් උත්සන්න වී ඇතැයි ද, රට පුරා සිවිල් යුද්ධයක් ව්‍යාප්ත වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊයේ වන විට එම ගැටුම් සිරියාවේ ප්‍රධාන නගරවන දමස්කස් සහ ඇලෙප්පෝ දක්වා පැතිරී ගොස් ඇති බවත්, දින තුනක් ඇතුළත එරට පුද්ගලයන් 1,300ක් ජීවිතක්ෂයට පත්වී ඇති බවත් බ්‍රිතාන්‍ය කේන්ද්‍ර කරගත් සිරියානු මානව හිමිකම් නිරීක්ෂණ කණ්ඩායමක් නිවේදනය කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. මියගිය අයගෙන් 973 දෙනකුම සිවිල් වැසියන් වන බවත් වාර්තා වේ.
රට තුළ උද්ගත වූ සිවිල් ගැටුම් නැවැත්වීම සඳහා පියවර ගන්නා බව සඳහන් කර ඇති සිරියානු අන්තර්වාර රජයේ ප්‍රධානියා වන අහමඩ් අල් ෂාරා වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ද ප්‍රකාශ කර තිබේ. බෂාර් අල් අසාද්ගේ පාලනය බිඳ වැටීමෙන් පසු සිරියාවේ ආරම්භ වූ පළමු සිවිල් ගැටුම මෙය වන අතර, සිවිල් වැසියන් මියයෑම පිළිබඳ එක්සත් ජාතීන්ගේ දැඩි අවධානය යොමු වී ඇතැයි ද වාර්තා වේ.
The post සිරියාවේ යළි සිවිල් ගැටුම් පැතිරෙයි appeared first on දිනමිණ.