6
රුසියාව සහ යුක්රේන යුද ගැටුමට විසඳුම් සොයා යුක්රේනයේ සහ අමෙරිකාවේ ඉහළ මට්ටමේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ඊයේ සෞදි අරාබියේ ජෙඩා නුවරදී ආරම්භ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ හටගත් වාග් සංග්රමයෙන් පසු දෙරටේ රාජ්‍යතාන්ත්‍රිකයන් අතර සාකච්ඡාවක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. මේ සාකච්ඡාව යුද අර්බුදය සම්බන්ධයෙන් වුවද, එය දෙරට අතර පලුදු වූ සුහදත්වය නැවත ගොඩ නඟා ගැනීමට ඉවහල් වනු ඇතැයි යුක්රේනය විශ්වාසය පළ කර තිබේ. අමෙරිකානු සංචාරය අතරතුර යුක්රේන ජනාධිපතිවරයාට අත්සන් කිරීමට නොහැකි වූ ඛනිජ සම්පත් ගිවිසුම සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡාවට ලක්වනු ඇතැයි වාර්තා වේ.
සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු සමඟ සාකච්ඡා කිරීමට යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි පෙරේදා එරට සංචාරයක නිරත වූ අතර, ඔහු ජෙඩා නුවර සාකච්ඡාවට එක් නොවන බව වාර්තා වේ. ඒ වෙනුවට ජනාධිපතිවරයාගේ සමීපතම හිතවතකු වන ඇන්ඩ්‍රි යේමක් සමඟ යුක්රේන විදේශ ඇමැති ඇන්ඩ්‍රි සිබියා, ආරක්ෂක ඇමැති රස්ටර්න් උමෙරොව් සාකච්ඡාවට එක් විමට නියමිත බව වාර්තා වේ. එම සාකච්ඡාව සඳහා අමෙරිකාව නියෝජනය කරමින් එරට රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියො, ජාතික ආරක්ෂක උපදේශක මයික් වෝල්ට්ස් සහ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදපෙරදිග විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සහභාගි වීමට නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.