Home World News Room : උතුරු මුහු­දේදී එකට ගැටී නෞකා දෙකක් ගිනි­බත් වෙයි

News Room : උතුරු මුහු­දේදී එකට ගැටී නෞකා දෙකක් ගිනි­බත් වෙයි

0
0

අත්ලා­න්තික් සාග­රය සහ ඉංග්‍රීසි ඕඩය එක්වන උතුරු මුහු­දේදී ඉන්ධන නෞකා­වක් සහ භාණ්ඩ ප්‍රවා­හන නෞකා­වක් එකි­නෙක ගැටී­මෙන් සිදුවූ අන­තු­ර­කින් නෞකා කාර්ය මණ්ඩ­ලයේ සාමා­ජි­ක­යකු අතු­රු­දන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පෙරේදා උදෑ­සන මේ අන­තු­රට මුහුණ පා ඇත්තේ ජෙට්යානා ඉන්ධන රැගත් නෞකා­වක් සහ අන්ත­රා­ය­කර රසා­ය­නික ද්‍රව්‍ය රැගත් භාණ්ඩ ප්‍රවා­හන නෞකා­වක් බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

අන­තු­රට ලක්වී­මෙන් පසු නෞකා දෙකම ගිනි­බත් වූ බවත්, එහි කාර්ය මණ්ඩ­ලයේ සාමා­ජි­ක­යන් 36 දෙනකු මුදා ගැනී­මට යුරෝපා වෙර­ළා­ර­ක්ෂක බළ­කාය සමත්වූ බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි. නෞකා­වල සිටි කාර්ය මණ්ඩ­ලයේ සාමා­ජි­ක­යන්ගේ සංඛ්‍යාව මෙතෙක් අනා­ව­ර­ණය නොවූ­වද, භාණ්ඩ ප්‍රවා­හන නෞකාවේ සිටි එක් සාමා­ජි­ක­යකු අතු­රු­දන්වී ඇති බව තහ­වුරු වීමෙන් පසු සෝදිසි මෙහෙ­යුම් ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.

ජෙට්යානා ඉන්ධන රැගත් නෞකාව අමෙ­රි­කානු හමු­දා­වට අයත් බවත්, භාණ්ඩ ප්‍රවා­හන නෞකාව පෘතු­ගීසි ධජය යටතේ යාත්‍රා කළ බවත් වැඩි­දු­ර­ටත් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here