18
අත්ලාන්තික් සාගරය සහ ඉංග්‍රීසි ඕඩය එක්වන උතුරු මුහුදේදී ඉන්ධන නෞකාවක් සහ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් නෞකා කාර්ය මණ්ඩලයේ සාමාජිකයකු අතුරුදන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පෙරේදා උදෑසන මේ අනතුරට මුහුණ පා ඇත්තේ ජෙට්යානා ඉන්ධන රැගත් නෞකාවක් සහ අන්තරායකර රසායනික ද්‍රව්‍ය රැගත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
අනතුරට ලක්වීමෙන් පසු නෞකා දෙකම ගිනිබත් වූ බවත්, එහි කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 36 දෙනකු මුදා ගැනීමට යුරෝපා වෙරළාරක්ෂක බළකාය සමත්වූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි. නෞකාවල සිටි කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගේ සංඛ්‍යාව මෙතෙක් අනාවරණය නොවූවද, භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ සිටි එක් සාමාජිකයකු අතුරුදන්වී ඇති බව තහවුරු වීමෙන් පසු සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.
ජෙට්යානා ඉන්ධන රැගත් නෞකාව අමෙරිකානු හමුදාවට අයත් බවත්, භාණ්ඩ ප්‍රවාහන නෞකාව පෘතුගීසි ධජය යටතේ යාත්‍රා කළ බවත් වැඩිදුරටත් වාර්තා වේ.