Home World News Room : ජාත්‍ය­න්තර අප­රාධ අධි­ක­ර­ණයේ වරෙ­න්තු­ව­කින් පිලි­පී­නයේ හිටපු ජන­පති අත්අ­ඩං­ගු­වට

News Room : ජාත්‍ය­න්තර අප­රාධ අධි­ක­ර­ණයේ වරෙ­න්තු­ව­කින් පිලි­පී­නයේ හිටපු ජන­පති අත්අ­ඩං­ගු­වට

0
0

ජාත්‍ය­න්තර අප­රාධ අධි­ක­ර­ණයේ වරෙ­න්තු­වක් මත පිලි­පී­නයේ හිටපු ජනා­ධි­පති රොඩ්‍රිගෝ ඩුටාර්ටේ අත්අ­ඩං­ගු­වට ගෙන ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය. ඊයේ උදෑ­සන මැනිලා නුවර ගුව­න්තො­ටු­පො­ළේදී ඔහු අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ හොංකොං නුවර සිට ආපසු පැමි­ණෙ­මින් සිටි­යදි බව අල් ජසීරා පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. හිටපු ජනා­ධි­ප­ති­ව­රයා අත්අ­ඩං­ගු­වට ගැනී­මට වරෙන්තු නිකුත් කර ඇත්තේ ඔහුගේ පාලන සම­යේදී ක්‍රියා­ත්මක කළ  බව කියන මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙ­යු­මෙන් මානු­ෂීය අප­රාධ සිදුවූ බවට එල්ල වූ චෝදනා මත බව ද වාර්තා වේ.

ජාත්‍ය­න්තර අප­රාධ අධි­ක­ර­ණය විසින් ඉන්ට­පෝල් පොලීසිය හරහා කරනු ලැබූ ඉල්ලී­මක් මත හිටපු ජනා­ධි­පති ඩුටාර්ටේ ගුව­න්තො­ටු­පොළේ දී අත්අ­ඩං­ගු­වට ගත් බවත්, ඔහු මේ වන විට රඳවා තබා සිටින බවත් පිලි­පීන රජය නිවේ­ද­නය කළ බව අල් ජසීරා පුවත් සේවය සඳ­හන් කළේය.

වසර 2016 සිට 2022 දක්වා පිලි­පී­නයේ ජනා­ධි­ප­ති­ව­රයා ලෙස කට­යුතු කළ ඩුටාර්ටේ එම කාලය තුළ ක්‍රියා­ත්මක කළ මත­භේ­දා­ත්මක මත්ද්‍රව්‍ය විරෝධි මෙහෙ­යුම අත­ර­තුර මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වන් සහ මත්ලෝ­ලීන් දහස් ගණ­නක් වෙඩි තබා ඝාත­නය කිරී­මට නියෝග කළ බව වාර්තා වේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here