Home Sport News Room : නැෂ­නල් සුපර් ලීග් සිවු­දින ක්‍රිකට් තර­ගා­ව­ලි­යට ජාතික පිලේ 7ක්...

News Room : නැෂ­නල් සුපර් ලීග් සිවු­දින ක්‍රිකට් තර­ගා­ව­ලි­යට ජාතික පිලේ 7ක් නෑ

0
0

දේශීය ක්‍රිකට් තරග බිමට නව මුහු­ණු­ව­රක් එක්ක­ර­මින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය සංවි­ධාන කරන නැෂ­නල් සුපර් ලීග් (NSL) සිවු­දින ක්‍රිකට් තර­ගා­ව­ලිය හෙට ආර­ම්භ­වන අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් පිල නියෝ­ජ­නය කරන ක්‍රීඩ­ක­යන් 7ක් තර­ගා­ව­ලි­යට ක්‍රීඩා නොක­රති.

මතීෂ පති­රණ, වනිඳු හස­රංග, මහීෂ් තීක්ෂණ, නුවන් තුෂාර, ඒෂාන් මාංලිංග, කමිඳු මෙන්ඩිස් හා දුෂ්මන්ත චමීර යන ක්‍රීඩ­ක­යන් හත්දෙනා මේ මස 22 වැනිදා ආර­ම්භ­වන ඉන්දීය ප්‍රීමි­යර් ලීග් ක්‍රිකට් තර­ගා­ව­ලි­යට සහ­භා­ගි­වන හෙයින් දේශීය සිවු­දින ක්‍රිකට් තර­ගා­ව­ලිය අහි­මිවී ගොස් තිබේ. අයි­පී­එල් තර­ගා­ව­ලි­යට සහ­භාගි වීම උදෙසා ශ්‍රී ලංකා ක්‍රිකට් මේ ක්‍රීඩ­ක­යන්ට අව­සර ලිපි නිකුත් කිරී­මට පිය­වර ගෙන ඇත.

එබැ­වින් මෙවර අයි­පී­එල් තර­ගා­ව­ලිය නියෝ­ජ­නය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩ­ක­යන් හත්දෙ­නාට ඉන්දීය ක්‍රිකට් ආය­ත­නය ඉන්දීය රුපි­යල් කෝටි 26.95ක් (ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 91ක්) ගෙවී­මට එක­ඟතා පළ­කර ඇති හෙයින් එම තර­ගා­ව­ලි­යට අනි­වා­ර්ය­යෙන් සහ­භාගි විය යුතු වේ.

අයි­පී­එල් තර­ගා­ව­ලි­යට සහ­භා­ගි­වන මතීෂ පති­රණ ඉන්දීය රුපි­යල් කෝටි 13කට (ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 44ක්) චෙන්නායි සුපර් කිංග්ස් පිල මිලදී ගත් අතර, එය මෙවර ශ්‍රී ලංකා ක්‍රීඩ­ක­ය­කුගේ වැඩිම ගෙවීම වේ. වනිඳු හස­රංග ඉන්දීය රුපි­යල් කෝටි 5.25කට (ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 18ක්) හා මහීෂ් තීක්ෂණ ඉන්දීය රුපි­යල් කෝටි 4.4කට ( ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 15ක්) රාජ­ස්ථාන් රෝයල් මිලදී ගත්හ.

වේග පන්දු යවන නුවන් තුෂාර ඉන්දීය රුපි­යල් කෝටි 1.6කට (ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 5.5ක්) රෝයල් චැලෙ­න්ජර්ස් බැංග­ලෝර් පිල, ඒෂාන් මාලිංග ඉන්දීය රුපි­යල් කෝටි 1.2කට (ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 3.5ක්) හා කමිඳු මෙන්ඩිස් ඉන්දීය රුපි­යල් ලක්ෂ 75කට (ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 2.5ක්) සන්ර­යිස් හයි­ද්‍රා­බාද් කණ්ඩා­යම මිලදී ගත්තේය. වේග පන්දු යවන දුෂ්මන්ත චමීර දිල්ලි කැපි­ටල්ස් පිල ඉන්දීය රුපි­යල් ලක්ෂ 75කට (ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 2.5ක්) තක්සේරු කළේය.

රතු පන්දු­වෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පිල නියෝ­ජ­නය කරන සියලු ක්‍රීඩ­ක­යන්ට මේ තර­ගා­ව­ලිය අනි­වාර්ය කර ඇති අතර, මේ තුළින් උසස් තත්ත්වයේ සිවු­දින ක්‍රිකට් තර­ගා­ව­ලි­යක් මෙවර අපේක්ෂා කෙරේ. නැෂ­නල් සුපර් ලීග් ක්‍රිකට් තර­ගා­ව­ලිය පැවැ­ත්වෙන සෑම වස­ර­ක­දීම බොහෝ­විට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිලට විදෙස් තර­ගා­වලි පැවති හෙයින් මෙරට ප්‍රමු­ඛ­තම ක්‍රීඩ­ක­යන්ට දේශීය තර­ගා­ව­ලිය අහි­මිවී ගියේය.

මෙරට පළමු පෙළ ක්‍රිකට් තර­ගා­ව­ලි­යට ක්‍රීඩා කරන මුල් පෙළේ ක්‍රීඩ­කයෝ 100කට වැඩි පිරි­සක් මේ තර­ගා­ව­ලි­යට එක්වන අතර, ක්‍රීඩ­කයෝ 20 බැගින් කොළඹ, ගාල්ල, මහ­නු­වර, දඹුල්ල හා යාප­නය යන කණ්ඩා­යම් 5ක් යටතේ ක්‍රීඩා කරති. තර­ගා­ව­ලිය ආරම්භ කර­මින් හෙට සිට 16 දක්වා ගාල්ල – මහ­නු­වර අතර හම්බ­න්තො­ටදී හා යාප­නය – කොළඹ අතර ගාල්ලේදී තරග පැවැත්වේ.

 

ප්රින්ස් ගුණ­සේ­කර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here